හෙළරට - දේශිය පුවත්

මෝදිගේ කොරෝනා අරමුදලට ගැටලු…

කොවිඩ් – 19ට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇති කළ ඇ.ඩො. බිලියනයක අරමුදල පිළිබඳ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. බී.බී.සී.ය වාර්තා කළ පරිදි අරමුදලේ විනිවිද භාවය ගැන ගැටලු පැන නැගී ඇත.


ඉන්දියාවපුරා ලොක්ඩවුන් තත්ත්වයක් දියත් කොට දින කිහිපයකට පසු මාර්තු 27 වැනිදා හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීමේ අගමැතිවරයාගේ පුරවැසි භාව අරමුදල හෙවත් අගමැති රැකවරණ අරමුදල ස්ථාපිත කෙරිණි.


එහි සභාපතිත්වය දරන්නේද අගමැති මෝදිය.ඊට දායක වන ලෙස සමස්ත ඉන්දියානුවන්ගෙන් මෝදි ඉල්ලා සිටියේය. එය කොවිඩ් – 19ට එරෙහි සටන ජය ගැනීමට මෙන්ම වෙනත් එවැනි ව්‍යසන අවස්ථාවලදී ශක්තිමත් වනු ඇතැයි ඔහු එහිදී සඳහන් කර තිබිණි. ‘‘මෙය සෞඛ්‍ය සම්පන්න ඉන්දියාවක් බිහි කිරීමට හේතුවේවි’’ යනුවෙන් සඳහන් කරමින් ඔහු ඒ පිළිබඳ අපේක්ෂා දැල්වීය. ඊට කර්මාන්ත අංශයෙන්, නළු නිළියන් වැනි කලාකරුවන්ගෙන්, සමාගම්වලින් මෙන්ම පොදු මිනිසුන්ගෙන්ද හොඳ ප්‍රතිචාරයක් ලැබිණි.

සතියක් ඇතුළත ඊට එකතු වූ දායක මුදල ඉන්දීය රුපියල් බිලියන 65 කි. (ඇ.ඩො. මිලියන 858 කි.) එසේ වුවද අරමුදල පිළිබඳ විවිධ මති මතාන්තර එය ආරම්භයේ පටන්ම පළවිය. ඒ ඇතැම් ඒවායින් කියවුණේ මෙය වෙනමම අරමුදලක් විය යුතු බවය. ජාතික ආපදාවකදී පිහිට වන අගමැති සහන අරමුදල (PMNRF) 1948 දී ස්ථාපිතව තිබෙන අතර එය යටතේ මෙය ක්‍රියාත්මක වීමද මේ අතර තිබේ.


කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි පවසන පරිදි මෙම අරමුදලට රැස්වූ මුදල් PMNRF අරමුදල වෙත බැර කළ යුතුය. එසේම එම මුදල් සංක්‍රමණිකයන්ට සහන සැලසීම වෙනුවෙන් වැයකළ යුතු බවද ඇය කියා සිටී. ඉන්දියාවේ සංක්‍රමණික සේවකයන් මිලියන ගණනක් සිටින අතර හදිසි ලොක්ඩවුන් තත්ත්වයත් සමග ඔවුන්ට ජීවනෝපාය පිළිබඳ ගැටලු ඇතිවිය. සති ගණනක් තිස්සේ සැතපුම් සිය ගණනක් දුර කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙමින් ඔවුහු පා ගමනින් ගම්බිම් කරා ළඟාවූහ.

100 දෙනකුට වැඩි පිරිසක් මියගිය බවද වාර්තා විය. මේ පිරිසට ගම්බිම් කරා යාමට ප්‍රධානම පහසුකම් නැංවීම වැනි පියවර මේ අරමුදල මගින් කළ හැකිව තිබුණද එවැන්නක් සිදුව නැති බවට චෝදනා එල්ල වේ.

Related posts

ජනමාධ්‍ය හැඳුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කරයි..

Helarata

දෙවනගල පුදබිම කඩිනමින් රැකදෙන්න ….

Helarata

කොරෝනා යැයි සැක යාචකයෙකු හමුවෙයි…

Helarata

Leave a Comment

Translate »