හෙළරට - විදෙස් පුවත්

ටික් ටොක් තහනමෙන් ගීත් දුකෙන්….

ප්‍රසිද්ධ ටික්ටොක් තාරකාවක් වන ඉන්දියාවේ ‘ගීත්’ රට තුළ ටික් ටොක් තහනම් කිරීම හේතුවෙන් තමා මෙන්ම මිලියන 10ක් වූ සිය රසිකයන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ප්‍රකාශ කරයි.


(30දා) සිට ඉන්දියාව විසින් ‘ටික් ටොක්’ ඇතුළු චීනයේ නිෂ්පාදිත ජංගම දුරකථන යෙදුම් හා පරිගණක යෙදුම් (APPS) 54ක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළේය.


හිටපු නීතිඥවරියක වන ගීත් මේවනවිට ඉන්දියාව පුරා ජනප්‍රියව ඇත්තේ ටික් ටොක් තාරකාවක් ලෙසිනි. ඇය ‘ටික් ටොක් වීඩියෝ‘ උපයෝගී කර ගනිමින් ‘ඇමරිකානු ඉංග්‍රීසි’
ඉන්දියානුවන්ට උගන්වන්නීය.


ඇය නාළිකා 03ක් හරහා ඉංග්‍රීසි භාෂාවට අමතරව තමන් සමාජ සම්බන්ධතා දියුණු කරගන්නා ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙනු ලබයි.පසුගිය වසරේ සෑම දිනකම ගීත් අඛණ්ඩව ඇගේ ගිණුම්වලට වීඩියෝ 15ක් යාවත්කාලීන කර ඇති අතර එම සෑම වීඩියෝවක්ම තත්පර 20ක ධාවන කාලයකින් සමන්විතය. ඇය ජංගම දුරකථනයෙන් සහ වෘත්තීමය කැමරාවකින් දිනකට වීඩියෝ 120ක් දක්වා වූ ප්‍රමාණයක්ද පටගත කරන බවද සදහන්වේ.

Related posts

මොදී කලබල ⁣⁣වෙයි ඉන්දියාවේ මරණ 331යි .

Helarata

වයස 113 යි : කොරෝනාවෙන් සුවය ලබයි..

Helarata

ලක්ෂ 30 ඉක්මවා යයි…

Helarata

Leave a Comment

Translate »