හෙළරට - දේශිය පුවත්

කුඩු මෙට්‍රික් ටොන් 14ක් ඉතාලියෙන් හමුවේ….

සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් නිෂ්පාදනය කරන ලදැයි සැලකෙන ‘ඇම්ෆෙටමින්’ මත්ද්‍රව්‍යය මෙට්‍රික් ටොන් 14ක විශාල තොගයක් ඉතාලි පොලිසිය විසින් රාජසන්තක කර තිබේ. නිරිතදිග ඉතාලියේ සලර්නෝ වරායෙන් සැක සහිත බහාලුම් තුනක් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඒවායේ පැවැති කඩදාසි සිලින්ඩර් ගණනාවක අසුරා තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 1.12ක වටිනාකමක් තක්සේරු කළ මෙම ඇම්ෆෙටමින් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව ගර්ඩියා ඩි ෆිනැන්සා මූල්‍ය පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.


වටිනාකම සහ ප්‍රමාණය යන දෙකටම
අනුව මෙය මෙතෙක් ලොව සොයාගත්
විශාලතම මත් ඖෂධ තොගය ලෙස
විමර්ශකයෝ පවසති. නෙපල්ස් නගරයේ
මූල්‍ය පොලිසියේ ප්‍රධානී ඩොමිනිකෝ
ටැපොලිටානෝ සීඑන්එන් පුවත්
සේවයට පවසා ඇත්තේ මෙම මත්
පෙති තොගය ඉතා හොඳින් සඟවා තිබූ
බවත්, වරායේ ස්කෑනර් යන්ත්‍රවලට ඒවා
අනාවරණය නොවූ බවත්ය. ඉතාලියේ
සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක්
වන ‘කැමෝරා’ විසින් මෙම මත්පෙති
තොගය ප්‍රවාහනය කරන්නට ඇතැයි කියයි

Related posts

නිර්ණායක පිළිපැදිම රෝග මර්දනයට මගක්..

Helarata

නවසීලන්තය ආදර්ශයට ගෙන විනයගරුකවී රෝගය පාලනය කරගමු…

Helarata

මහජන පුස්තකාලය ජුනි 8 විවෘත කරයි….

Helarata

Leave a Comment

Translate »