හෙළරට - දේශිය පුවත්

බ්‍රිතාන්‍යයේ සුපිරි නිරූපණ ශිල්පියා සිරිලකට….

ප්‍රධාන ඉසව් 106ක් ඉදි­රි­පත් කිරී­ම­ටත්, පුව­ත්පත් 980ක සහ සඟරා 100ක පමණ විශේ­ෂාං­ග­ව­ලට සම්බන්ධ වී සිටින, රාජ­කී­යන්, ප්‍රධාන පෙළේ ක්‍රීඩ­ක­යන්, බොලි­වුඩ් තරු සහ හොලි­වුඩ් තරු සමඟ සම්බ­න්ධ­කම් ඇති, බ්‍රිතා­න්‍යයේ සුපිරි මෝස්තර නිරූ­පණ ශිල්පි­යකු සහ මෝස්තර පිළි­බඳ ජන­මා­ධ්‍ය­වේ­දි­යකු වන කිරන් රායි සහ බ්‍රිතා­න්‍යයේ තාක්ෂ­ණික ආයෝ­ජ­ක­යකු වන රැල්ෆ් පෙරෙ­යිරා ලොව නන්දෙ­සින් දක්ෂ­යන් රැසක් රැගෙන ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තය.

මෙයට පෙර ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂ ලුවී වැන්ඩ­ර්ස්ට්‍රා­ටන් සමඟ පැර­චූට් නම් චිත්‍ර­පට නිර්මා­ණය කිරී­මට ආයෝ­ජ­නය කළේ ද මේ දෙදෙ­නාය.

මේ දෙදෙනා මෙවර “ආසි­යාවේ සිටින වඩාත්ම බල­පැම් කළ හැකි 100දෙනා“ සම්බන්ධ විශේ­ෂාංග ලිපි පෙළක් කිරී­මට සූදා­නම්ව සිටියි. මේ යටතේ බොලි­වුඩ් ගාය­ක­යන් වන රහත් ෆටේ අලී ඛාන්, අද්නන් සාමි, අනුෂ්කා ශංකර්, උදිත් නාරා­යන්, අලී සෆීර්, සකීර් හුසේන් සහ ක්‍රිකට් වීර­යන් වන වසීම් අක්‍රම්, ෂොයිබ් මලික් සහ ඔහුගේ බිරිය වන සානියා මිර්සා ආදී පිරිස සමඟ ශ්‍රී ලංකාවේ 5 දෙනකු වන භාතිය සන්තුෂ්, උමා­රියා, ගෙහාන් බ්ලොක් සහ රයිනී යන අය සම්බන්ධ කර ගෙන දින 15ක් තුළ සම්මුඛ සාකච්ඡා සිදු කර ඇත .

ලොව­වටා සිටින විවිධ තරු ශ්‍රී ලංකා­වට ගෙන ඒමට නිය­මිත අතර බොලි­වුඩ් ශිල්පීන්ට ශ්‍රී ලාංකික සින­මාව සහ ශිල්පීන්ට හඳුන්වා දීමට ද බලා­පො­රොත්තු වන බව රායි කීවේය. ශ්‍රී ලංකාව මේ ආකා­ර­යෙන් ලොවට විවෘත කරන ව්‍යාපෘ­ති­ය­කට සම්බ­න්ධ­වී­මට ලැබීම සතු­ටක් යැයි ද රැල්ෆ් කීවේය.

Related posts

සඳුදා සිට කෝච්චි ගමන් සාමාන්‍ය කාලසටහනට…

Helarata

වක්කඩ කැඩුවා වගේ රට විවෘත කරන්නේ නැ..

Helarata

කහකුඩු වල පාන් පිටි සහ සහල් පිටි …

Helarata

Leave a Comment

Translate »