හෙළරට - දේශිය පුවත්

විභාග ගැන අවසන් තීන්දුව සතියකින්….

විභාග පැවැ­ත්වෙන දින පිළි­බඳ අව­සන් තීර­ණය ලබන සතිය ඇතු­ළත දැනුම් දීමට කට­යුතු කරන බවට අධ්‍යා­පන ඇමැති ඩලස් අල­හ­ප්පෙ­රුම මහතා කැබි­නට් මණ්ඩ­ල­යට දැනුම් දුන් බව සම කැබි­නට් ප්‍රකා­ශක උසස් අධ්‍යා­පන, තාක්ෂණ සහ නවෝ­ත්පා­දන ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැව­සීය.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සහ අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා පෙරේදා (1) පැවැති කැබි­නට් මණ්ඩල රැස්වී­මේදී අධ්‍යා­පන ඇමැති ඩලස් අල­හ­ප්පෙ­රුම මහතා සමඟ මේ සම්බ­න්ධ­යෙන් ඉතා දීර්ඝ වශ­යෙන් සාකච්ඡා කළ බවද ඇමැ­ති­ව­රයා සඳ­හන් කරයි.

දරු­වන්ට විභා­ගය සඳහා සුදා­නම් වීමට කාලය ඉතිරි වන පරිදි විභාග පිළි­බඳ නිශ්චිත දින­යන් නියම කරන ලෙස ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා එහිදී අධ්‍යා­පන අමා­ත්‍ය­ව­ර­යාට දැනුම් දුන් බවද ඇමැ­ති­ව­රයා පව­සයි.

පාසල් ආරම්භ වීමත් සමඟ රට පුරා දරු­වන්ගේ සිතුම් පැතුම් හා අව­ශ්‍යතා පිළි­බඳ පූර්ණ අව­ධා­නය යොමු කර­මින් ඔවුන් සම­ඟත්, ගුරු­ව­රුන්, අධ්‍යා­ප­න­ඥ­යන්, විභාග ක්‍රියා­ව­ලි­යට සම්බන්ධ විශ්ව­වි­ද්‍යාල ආචාර්ය මහා­චා­ර්ය­ව­රුන් මෙන්ම පෞද්ග­ලික උප­කා­රක පන්ති පව­ත්වන ගුරු­ව­රුන් සම­ඟත් සාකච්ඡා කර හැකි විභාග පැවැ­ත්වෙන කාල වක­වානු පිළි­බඳ ලබන සතිය වන­විට දැනු­ම්දී­මට බලා­පො­රොත්තු වන අධ්‍යා­පන ඇමැ­ති­ව­රයා කැබි­නට් මණ්ඩ­ල­යට දැනුම් දුන් බවත් ඇමැ­ති­ව­රයා පව­සයි.

හත­ළිස් හතර ලක්ෂ­යක් වන පාසල් දරු­ව­න්ගේත්, ලක්ෂ පහක් පමණ වන පෙර පාසල් දරු­ව­න්ගේත් ජීවිත පිළි­බඳ දැඩි අව­ධා­නය යොමු කර­මින් ආවේ­ග­යෙන් තොරව සෞඛ්‍ය අංශයේ විධි­වි­ධා­න­ව­ලට අනු­කූ­ලව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය මෙම තීරණ ගැනී­මට සිදුව තිබෙන බවද ඇමැ­ති­ව­රයා සඳ­හන් ක

Related posts

ලාංකිකයන් රැගෙන එන්න ඕස්ට්‍රෙිලියාවට ගුවන් යානයක්..

Helarata

සතොස ට හැත්තෑවයි…

Helarata

සඳුදා සිට කෝච්චි ගමන් සාමාන්‍ය කාලසටහනට…

Helarata

Leave a Comment

Translate »