හෙළරට - දේශිය පුවත්

සංස්කෘතික අරමුදලේ වංචා සොයන වාර්තාව සුදානම්….

යහපාලන ආණ්ඩුව සමයේ
සංස්කෘතික අරමුදලේ සිදුවූ වංචා,
දූෂණ සහ අක්‍රමිකතා සොයා බැලීම
සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටු
වාර්තාව සකස් කර අවසන් බව සම
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති
බන්දුල ගුණවර්ධන (02 වැනිදා)
ප්‍රකාශ කළේය.


විශ්‍රාමික මහාධිකරණ
විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන්
අගමැති මහින්ද රාජපක්ෂ විසින්
මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කළ බව
කී ඇමැතිවරයා කමිටුවට ලබා දී
තිබූ කාලය පසුගියදා අවසන්වූ බවද
කීවේය.


කොවිඩ් අර්බුදය නිසා කමිටුවට
සිය වාර්තාව ලබා දීමට නොහැකිවී
ඇතැයි කී ඇමැතිවරයා මධ්‍යම
සංස්කෘතික අරමුදලේ සිදුව ඇති
අක්‍රමිකතාවන් සහ වංචාවන් පිළිබඳ
ලැබුණු පැමිණිලි නිසා අගමැතිවරයා
විසින් මෙම කමිටුව ස්ථාපිත කර තිබිණ

Related posts

වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට යෝජනා ඉදිරිපත් කරන්නැයි අගමැති උපදෙස්…

Helarata

මහ බැංකු පොලී අනුපාතිකය 15% සිට 10% දක්වා පහළට

Helarata

කිසිඳු විදේශගත ශ්‍රී ලාංකිකයෙක් තනි කරන්නේ නැහැ.

Helarata

Leave a Comment

Translate »