හෙළරට - විදෙස් පුවත්

හොංකොං වැසියන් ලක්ෂ 30කට බ්‍රිතාන්‍ය දොර හැරේ…

හොංකොං වැසියන් ලක්ෂ 30කට එක්සත් රාජධානියේ පදිංචි වීමට අවස්ථාව ලබාදෙන බවත්, නිශ්චිත කාලසීමාවක් අවසානයේ ඔවුන්ට පුරවැසිභාවය වෙනුවෙන් අයැදුම් කළ හැකි බවත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කරයි.


චීනය විසින් හොංකොං සඳහා සම්මත කරන ලද නව ආරක්ෂක නීතිය හේතුවෙන් නිදහස උල්ලංඝනය වී පීඩාවට පත්වන හොංකොං වැසියන්ට පිහිටවීමට සකස් කරන ලද මාර්ගයක් ලෙස අගමැතිවරයා මෙම පුරවැසිභාවය ලබාදීමේ ක්‍රියාවලිය හඳුන්වා දී තිබේ.


මේ අනුව එක්සත් රාජධානියේ විදේශ ගමන් බලපත්‍ර දරන හොංකොං වැසියන් 350,000ක් සහ තවත් ලක්ෂ 26ක පමණ පිරිසක් මෙම වැඩසටහන යටතේ වසර පහක කාලයක් සඳහා එක්සත් රාජධානියට සංක්‍රමණය විය හැකියි. එම වසර පහ අවසන්ව තවත් වසරක් ගත කිරීමෙන් අනතුරුව ඔවුන්ට පුරවැසි භාවය සඳහා අයැදුම් කළ හැකිය.

1980 දශකයේදී හොංකොංහි බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට එක්සත් රාජධානියට පිවිසීමේ විශේෂ අවසරයක් ලබාදී තිබුණු නමුත් දැනට එම අයිතිවාසිකම් සීමාකර ඇත. ඒ අනුව හොංකොං වැසියන්ට එක්සත් ජනපදයට වීසා රහිත ප්‍රවේශයක් ලබාගැනීම සඳහා දැනට හැකියාව පවතින කාලය මාස හයකි.


දැන් බ්‍රිතාන්‍යය විසින් මෙම නව වැඩසටහන ඔස්සේ හොංකොං වැසියන්ට එක්සත් රාජධානියේ රැඳී සිටීමේ අයිතියද, රැකියාවල නිරත වීමේ සහ අධ්‍යාපනයේ අයිතියද වසර පහක් සඳහා ලබාදෙනු ඇත.

Related posts

ඉන්දියාවේ වීසා අත්හිටුවිම දිගටම…

Helarata

මන්මෝහන් සිංට කොරෝනා පරික්ෂණයක් ..

Helarata

අප්‍රිකාව ගැන භයානක අනතුරු ඇඟවීමක්…

Helarata

Leave a Comment

Translate »