හෙළරට - දේශිය පුවත්

ජනතාවට තෘප්තිමත් රාජ්‍ය සේවාවක් ලබා දිය යුතුයි … .

කාර්යාලයට පැමිණෙන සේවාලාභියාට තෘප්තිමත් සේවාවක් ලබා දිමට හැකි නම් ඵලදායිතා සම්මාන තරගාවලියකදී ලබන නියම ජයග්‍රහණය එය බව කෑගල්ල දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කලේය.

ඒ මහතා මෙම අදහස් ප්‍රකශ කරනු ලැබුවේ ඵලදායිතා සම්මාන තරගාවලිය සඳහා සුදානම් විම පිළිබදව ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරීන් දැනුවත් කිරිම සදහා අද ( 03) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකදීය.

තව දුරටත් අදහස් දක්වමින් දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පවසා සිටියේ සීමිත සම්පත් ප්‍රමාණයක් යොදාගෙන කාර්යාලය හා කාර්යාල පරිශ්‍රය ප්‍රියමනාප ස්ථානයක් බවට පත්කර ගත යුතු බවයි. එමෙන්ම තත්ව කව හරහා ගැටළු හදුනාගත හැකි බවත් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරිම මගින් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරිමට පියවර ගැනීමට හැකි බවයි.

මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නාලිකා පියසේන, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා රත්නායන යන මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරීන් සහභාගී වී සිටියහ.

Related posts

මල්වතු මහනාහිමිට අගමැතිගෙන් සුබාශිංසන පණිවඩයක්….

Helarata

ඇදිරි නීතිය වෙනස් වේ…

Helarata

ඉන්දියාවේ හා පකිස්තානයේ ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට පියවර..

Helarata

Leave a Comment

Translate »