හෙළරට - දේශිය පුවත්

මුල්කිරිගල සමාධි බුද්ධ ප්‍රතිමාව අගමැති අතින් නිරාවරණය කෙරේ…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජිවිතයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මුල්ගිරිගල රජමහා විහාරයේ ශෛල තලා මස්තකය මුදුනෙහි අභිනවයෙන් ස්ථාපිත කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවය ඇසළ පෝදා (2020.07.04) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව කිලෝ 3500ක් බරැති සහ අඩි 8ක් උසැතිය. බුදු පිළිම වහන්සේ කදුමුදුනට වැඩම කරවූයේ ගුවන් හමුදාවට අයත් එම්. අයි. 17 ගුවන්යානයකිනි.
අග්‍රාමාත්‍යවරයා විසින් අභිනවයෙන් ස්ථාපිත කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමෙන් පසුව ආගමික වතාවත් සඳහාද එක්විණි.


මුල්ගිරිගල රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ සන්නස මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් මාතර වැල්ලබඩ පත්තුව ඇතුළු හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී බෙලිගල්ලේ සරණපාල නායක ස්වාමින්වහන්සේට පිළිගැන්වීය.


අනතුරුව මුල්ගිරිගල රජමහා විහාරයේ නිල වෙඩ් අඩවිය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා විසින් විවෘත කෙරිණි.


උඩුවේ ධම්මාලෝක හිමියන් මෙම පිංකමෙහි ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව සඳහන් කළේ තිස් වසරක කුරිරු යුද්ධය මෙන්ම කොවිඩ් – 19 වසංගත තත්ත්වයෙන්ද රට ආරක්ෂා කිරීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේ පියෙක් සිය දරුවන් ආරක්ෂාකරන ආකාරයට බවයි.


කිසිදු පක්ෂයක නායකයෙක් නොකළ මෙහෙයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රට වෙනුවෙන් සිදුකළද, කුහක අපිරිසිදු සිත් ඇති පිරිස් රට වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා කළමෙහෙය නොදකින බවද උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

Related posts

Condolences of the Siyam Sept of the Asgiri Maha Vihara.

Helarata

ජන්දයට ජනාධිපති ජායාරූපය තහනම්….

Helarata

බදුල්ලේ බලෙන් තේ දීලා…

Helarata

Leave a Comment

Translate »