හෙළරට - දේශිය පුවත්

ඩියුටි ෆ්‍රී යළිත්….

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ හරහා පැමිණෙන මගීන්ට ලබා දී තිබූ තීරු බදු සහනය නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.


ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පවසන්නේ කොරොනා නිසා අගුළු දැමීම හේතුවෙන් මාර්තු 19 වැනිදා අත්හිටුවා තිබූ මෙම තීරු බදු සහනය ජූලි 06 සිට යළි ක්‍රියාත්මක කරන බවයි.


ගුවන්තොටුපොළ හරහා රටට ඇතුළු වන පුද්ගලයන්ගේ තොරතුරු අපට ලබා දෙන ලෙස දැනටමත් අපි ඔවුන්ට දැනුම් දී තිබෙනවා. ඔවුන් සියලු දෙනාම ලියාපදිංචි කර ගුවන්තොටුපොළ සුපිරි වෙළෙඳසල්වලින් තීරු බදු සහනය යටතේ භාණ්ඩ මිලදී ගැනීමට දිනයක් හා වේලාවක් ලබා දෙනවා. සභාපතිවරයා පවසන්නේ පසුගිය මාර්තු 19 වැනිදා ගුවන්තොටුපොළ වසා දැමූ දිනයේ සිටම වරින් වර මෙරටට පැමිණ පිරිස්වලට මෙම තීරුබදු සහනය ලබා දීමට අවශ්‍ය බවයි.


ලබන සඳුදා සිට (ජූලි 06) සෑම දිනකම 400ත්
500ත් අතර පිරිසක් ගුවන්තොටුපොළ හරහා
රටට ඇතුළු වේ යැයි අපි සිතනවා’’ යැයි
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සිසුන්ට රු: මිලියන 80ක පෝෂණ මල්ලක්..

Helarata

කොරෝනා බෝ කරන්නෝ ත්‍රස්තවාදීන් ලෙස සලකන්න -වනවාසී රාහුල හිමියෝ කියති

Helarata

ජන්ද රැස්විම්වලට විදුහල්පතිවරු කැඳවන්න එපා…

Helarata

Leave a Comment

Translate »