හෙළරට - දේශිය පුවත්

ඇඩ්‍රස් නැති පාර්සල් තවමත් එකතැන….

ලිපිනයන් මැකී යාම නිසා බෙදිය නොහැකිවූ මුහුදු තැපැල් පාර්සල් 4000 ක් පමණ තවමත් මධ්‍යම තැපැල් හුවමාරුවේ රඳවා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව  කියයි.
 
මැලේසියාවෙන් එවා තිබු එම පාර්සල්වලින් 1500 ක පමණ ලිපිනයන් මේ වනවිට මැලේසියානු තැපැල් දෙපාර්තමේන්තුව හා මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරින් එක්ව කළ මෙහෙයුමකින් සොයාගත් ගෙන ඇති බවත් ඒ අනුව අදාල පාර්සල් හිමිකරුවනට භාරදීමට කටයුතු යොදා ඇති බවත් තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා(05) පැවසීය
 
කෙසේ වෙතත් ඉතිරි වන පාර්සල්වලින් දෙදහසක් පමණ යලිත් කේත අංක මැලේසියාවට යැවී යැයි කී රණසිංහ මහතා මැලේසියානු තැපැල් දෙපාර්තමේන්තුව ඒවා ද සොයා බලා ලිපිනයන් එවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කීවේය.

මෙම පාර්සල් අතර ඇති 500 ක් පමණ ප්‍රමාණයක කේත අංක පවා මැකී ගොස් ඇති බැවින් ඒවා යලි මැලේසියාවට යවන බවත් එහි දී ඔවුන් ඒවා වෙනුවෙන් යම් පියවරක් ගනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

 මෙම පාර්සල් අති බහුතරය අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කරන ලද භාණ්ඩ වන අතර කුඩා පාර්සල් බවත් ඒවායේ ලිපින තාවකාලිකව  පවතින අන්දමේ ලාභදායි ක්‍රමයකින් මුද්‍රණය කර තිබු බැවින් ඉක්මණින් මැකී ගොස් ඇති බවත් රණසිංහ මහතා සඳහන් කළේය.

Related posts

Millennials Have A Complicated Relationship With Travel

Helarata

කෑගල්ලේ ජන්ද දැමිමේ ප්‍රතිශතය 70% යි…..

Helarata

ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වූ ගණන 5728 ක්..

Helarata

Leave a Comment

Translate »