හෙළරට - විදෙස් පුවත්

ඉන්දියාවේ එන්නතට ඉන්දියාවෙන්ම විරෝධය …

කොරෝනා ආසාදිතයින්ගෙ භාවිතය සඳහා කොවිඩ් – 19 වෙනුවෙන් සකස් කළ එන්නතක්එළඹෙන අගෝස්තු 15 දා වන විට නිකුත් කිරීමට හැකිවන බවට ඉන්දීය වෛද්‍ය පර්‌යේෂණ කවුන්සිලය විසින් කරන ලද ප්‍රකාශයට පදනමක් නොමැති බව ඉන්දීය විද්‍යාඥයෝ පවසති. ඉන්දියානු විද්‍යා ඇකඩමිය පවසන්නේ විද්‍යාත්මක ක්‍රියාදාමයන්ට සහ ප්‍රමිතීන්ට අනුකූල නොවන ඕනෑම ඉක්මන් විසඳුමක්’ සම්බන්ධයෙන් අනතුරු අඟවන බවයි.


අගෝස්තු 15 ඉන්දියාවේ ‘නිදහස් දිනය’ වන අතර එදිනට කොවිඩ් 19 වයිරසයට එරෙහි සාර්ථක එන්නතක් නිකුත් කරන බව ඉන්දීය වෛද්‍ය පර්‌යේෂණ කවුන්සිලය (ICMR) පසුගියදා ප්‍රකාශ කිරීමත් සමග මෙම මත ගැටුම නිර්මාණය වී තිබේ. ICMR හි ප්‍රධානී බල්රාම් බාර්ගවා විසින් මෙම නව එන්නත වෙනුවෙන් මානව අත්හදා බැලීම් සඳහා තෝරාගත් ආයතන 12 ක් වෙත ලියන ලද ලිපියක් ජනමාධ්‍ය තුළ පුළුල් ලෙස හුවමාරු වීම මගින් ICMR හි වුවමනාව පිළිබඳව ලොවට හෙළිවිය. එමගින් ඔවුන් උපදෙස් ලබා දී ඇත්තේ මානව අත්හදා බැලීම් ඉක්මන් කොට අගෝස්තු 15 වැනිදා වන විට එන්නත දියත් කිරීමට සූදානම් වන ලෙසයි.


ආයතන වෙෙත නිකුත් කල මෙම ලිපිය පිළිබඳව බරපතළ ලෙස අනතුරු අඟවන ඉන්දියානු විද්‍යා ඇකඩමිය 2021 ට පෙර කොවිඩ් – 19 වයිරසය සඳහා සැකසෙන කිසිදු එන්නතක් සාර්ථක ලෙස අත්හදා බැලීමට අවස්ථාව උදා නොවනු ඇතැයි පෙන්වා දෙයි.


මෙවැනි එන්නත් මානව අත්හදා බැලීම් සඳහා යොමු කිරීමට ඉක්මන් කිරීම බරපතළ ප්‍රතිවිපාකවලට හේතුවිය හැකි බව වෛද්‍ය ඇකඩමියේ විද්‍යාඥයෝ පෙන්වා දෙයි. එසේම ඉන්දියන් වෛද්‍ය පර්‌යේෂණ පිළිබඳව ලොව පවතින විශ්වසනීයත්වයට සහ ප්‍රමිතියට මෙවැනි ප්‍රකාශ බරපතළ තර්ජනයක් එල්ල කරන බවද විද්‍යාඥයෝ පෙන්වා දෙති.

විශේෂයෙන්ම එය ඉන්දියාවේ ඖෂධ කර්මාන්තයට නරක නමක් ලබාදෙනු ඇතැයි විද්‍යාඥයෝ වැඩිදුරටත් අනතුරු අඟවයි.

Related posts

ඉන්දීය හමුදා චීනයේ කේන්තිය ඇවිස්සුවාලු…

Helarata

චීනයේ නගරයක් වසාදමයි..

Helarata

උඩින් එන චීන මගීන්ට ඇමෙරිකාවෙන් තහනමක්…

Helarata

Leave a Comment

Translate »