හෙළරට - දේශිය පුවත්

කොන්දේසි සහිතව සරසවි ඇරීමට අවසර…

විශ්වවිද්‍යාල කොන්දේසි කිහිපයක් යටතේ විවෘත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ.


පවතින ඉඩ පහසුකම් අනුව එක් වරක දී කැඳවිය යුත්තේ දෙවසරක සිසුන් කණ්ඩායම් පමණක් වීම පළමු කොන්දේසිය වෙයි. එහිදී අවසන් වසර හා තෙවැනි වසර සිසුන්ට මූලිකත්වය දිය යුතු වෙයි. නේවාසිකාගාර පහසුකම් ලබාදීමේ දී එක් සිසුවකු වෙනුවෙන් එක් කාමරයක් වෙන් කිරීම දෙවැනි කොන්දේසිය වේ.


මගහැර ඇති විභාගවලට මුහුණ දීම සඳහා සූදානමින් සිටින සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුතු වීම තෙවැනි කොන්දේසිය වන අතර අධ්‍යයන කටයුතු අවසන් කොට රාත්‍රී හතට පෙර සියලු සිසුන් විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් විය යුතු වීම සිව්වැනි කොන්දේසිය වෙයි.


ක්‍රීඩා කටයුතු සඳහා අවසර නොදිය යුතු වීම, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කරන ලද සෞඛ්‍ය නිර්ණායක අනුගමනය කළ යුතු වීම හා අවසන් වසර වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණු කටයුතු ආරම්භ කිරීම ද එම කොන්දේසි අතර වෙයි.


මෙම කොන්දේසි යටතේ විශ්වවිද්‍යාල විවෘත කිරීමේ වගකීම උපකුලපතිවරුන්ට පැවරෙන බව (06 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසීය.


පවතින නේවාසිකාකගාර පහසුකම් අනුව එක් වරක දී කැඳවිය හැක්කේ සිසුන්ගෙන් සියයට තිහකට පමණක් යැයි ද එමෙන්ම පැමිණෙන සිසුන් අනිවාර්යයෙන්ම දුරස්ථභාවය රැක ගනිමින් සියලු කටයුතු කළ යුතු යැයි කියයි..

Related posts

පාටි ,සතුටු සාමිචිවලට ටික කාලයක් තිත…

Helarata

පානදුරට ආ මත්ස්‍යයා….

Helarata

නිසර්ගාගේ වේගය වැඩිවෙයි..

Helarata

Leave a Comment

Translate »