හෙළරට - දේශිය පුවත්

රුසියානු යුවතියට විහිළුකර ඇස් රතුකරගත් තරුණයෝ ඇතුළට…..

ගාලු මුවදොර පිටියේ දී රුසියානු ජාතික කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කර අතවරයක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා 7 නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන සැකකරුවන් පස් දෙනෙකි.

මෙම සිද්ධියට අදාළව කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පස් දෙනා 7 සවස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ආවරණ සහිතවය.

මෙම රුසියානු ජාතික කාන්තාව සහ ඇගේ පෙම්වතා වන ශ්‍රී ලාංකික තරුණයකු ඇතුළු කණ්ඩායමක් ඉකුත්5 වැනිදා රාත්‍රී 11.00 ට පමණ ගාලු මුවදොර පිටියේ සිටියදී සැකකරුවන් සමඟ පැමිණී පිරිසක් එම කාන්තාවට උසුලු විසුලු කර ඇති අතර, එහිදී එසේ නොකරන ලෙසට ඇගේ පෙම්වතා එම තරුණයින්ට පවසා ඇතැයි කොටුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

Related posts

How VR-Like Immersive Experiences Can Be Produced For Real

Helarata

ලාංකිකයනි සෙල්ලම් කරන්න එපා ! – ඉතාලියේ කොරෝනා වරින් වර වැඩිවෙනවා

Helarata

ඇතැමුන්ගේ නින්දිත හැසිරිම වහා වෙනස්විය යුතුයි

Helarata

Leave a Comment

Translate »