හෙළරට - විදෙස් පුවත්

ප්‍රාන්ත සීමා වසා දමයි…

ඔස්​ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්ත දෙක වන වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් අතර ‘ප්‍රාන්ත සීමාව’ වසා දැමීමට එරට රජය සූදානම් වේ. මෙම සූදානම අවශ්‍යව ඇත්තේ කොවිඩ් – 19 ආසාදිතයන් සංඛ්‍යාව හදිසියේ
ඉහළ යාම හේතුවෙනි.


පසුගිය සති 2 ක කාලය තුළ වික්ටෝරියා අගනුවර වසංගතය ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. එම සංඛ්‍යාව සමස්ත ඔස්ට්‍රේලියාවෙන්ම එම දෙසතිය තුළ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 59% කි. පසුගිය වකවානුවේ ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත අතර සීමාවන් වසංගතය හේතුවෙන් වසා දමා පැවැතුණද වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් අතර ප්‍රාන්ත සීමාවන් කිසිදු විටෙක සම්පූර්ණයෙන් වසා දැමුණේ නැත.


මෙම ප්‍රාන්ත සීමා වසා දැමීම හෙට (බදාදා) සිට ක්‍රියාත්මක කෙරෙන අතර විශේෂ අවසරයක් ලත් පුද්ගලයන්ට පමණක් ඒ හරහා ගමන් කිරීමේ අවකාශය හිමිවේ. වික්ටෝරියා ප්‍රධාන ඇමැති ඩැනියෙල් ඇන්ඩෲස් පවසන්නේ මෙය අගමැති ස්කොට් මොරිසන් සහ නිව් සවුත්වේල්ස් ප්‍රධාන ඇමැති ග්ලැඩිස් බෙරජික්ලියන් සමග ඒකාබද්ධව ගත් තීරණයක් බවයි.


කෙසේ වෙතත් ප්‍රාන්ත සීමාවන් නැවත විවෘත කිරීමට හැකියාවක් ලැබෙන දිනයක් පිළිබඳව මහ ඇමැතිවරයා කිසිදු ඇඟවීමක් කර නැත. මීට පෙර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ආසාදිතයන් බහුතරයක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වූ අතර ඔවුන් හමුවූයේ නිරෝධායන කාලසීමාව තුළය. එහෙත් පසුගිය දෙසතිය තුළ වාර්තා වන ආසාදිතයන්ගෙන් 80% ක්ම රටේ ප්‍රජාව තුළින් හමුවී ඇත. වික්ටෝරියා ප්‍රාන්තයේ නිරෝධායනය සඳහා වෙන්කර ඇති හෝටල්වලින්ද මෑතකාලීනව රෝගීන් බහුලව හමුවී ඇත. ඒවායේ රැඳවූවන් මෙන්ම ආරක්ෂක භටයන්ද නිරෝධායන නීති කඩ කරමින් එකිනෙකා සමග සමීපව කටයුතු කර ඇතැයි වාර්තා

Related posts

කටවසාගෙන තායි පන්සල්වලට ඒමට අවසර…

Helarata

මයික් ටයිසන් යොවුන් වියට…

Helarata

ලොව කොරෝනා මරණ 120,000 ඉක්මවා යයි.

Helarata

Leave a Comment

Translate »