හෙළරට - දේශිය පුවත්

අගමැති-කොන්සල් ජනරාල් හුළුගල්ලේ හමුව

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, නිව් සවුත් වේල්සය සහ ක්වින්ස්ලන්තය යන ප්‍රාන්ත සඳහා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස පත්කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා රාජකාරී භාරගැනීම සඳහා නික්ම යාමට පෙර (08) අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

ලක්ෂ්මන් හුළුගල්ල මහතා මෙම කොන්සල් ජනරාල් ධුරයට පත්වීමට පෙර ආයතන ගණනාවක සේවය කළ පළපුරුදු නිළධාරියෙකි.

ඔහු ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාල අධ්‍යක්ෂ ජනරාල්, ජාතික පශු සම්පත් මණ්ඩලයේ උප සභාපති සහ ශ්‍රී ලංකා කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ යන ධුරවල මෙන්ම වෝටර්ස් ඒජ් හෝටලයේ අධ්‍යක්ෂ ධුරයේ ද කටයුතු කළේය.

Related posts

මට ජන්දය දෙන්න එපා මංගල කියයි …

Helarata

කොරෝනා ලක්ෂ 50ට වඩා ඉහලට ..

Helarata

රැකියා අහිමිවුවන්ගේ අභියාචනාවලට වෙනම කවුළුවක්..

Helarata

Leave a Comment

Translate »