හෙළරට - විදෙස් පුවත්

චීනය ඇමෙරිකාවට ඇණයක් වෙලාලු…

චීනය ඇමෙරිකාවට විශාල තර්ජනයක් බව එෆ්.බී.අයි. අධ්‍යක්ෂවරයා අවධාරණය කර තිබේ. එෆ්.බී.අයි.(ඇමරිකානු රාජ්‍ය බුද්ධි සේවය) අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් රේ මේ බව ප්‍රකාශ කළේ වොෂින්ටන් නුවර ස්ථාපිත හඩ්සන් ආයතනයේ දී දේශනයක් පවත්වමිනි. පැයකට ආසන්න කාලයක් පුරා සිය දේශනය පවත්වමින් අධ්‍යක්ෂවරයා චීනයේ ක්‍රියාකලාපය නිර්දය ලෙස විවේචනය කළේය. චීනයට අවශ්‍ය වී ඇත්තේ සුපිරි බලයක් ගොඩනඟා ගැනීම යැයි හෙතෙම පැවසුවේ ය. “ෆොක්ස් හන්ට්” නමින්6 හඳුන්වනු ලැබූ තොරතුරු ඒකරාශී කිරීමේ වැඩපිළිවෙලක් චීන ජනාධිපති ෂී
ජින්පින්ග් පවත්වාගෙන ගොස් ඇති බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දුනි.


චීනය තම රටේ ආර්ථිකය සම්බන්ධ තොරතුරු රහසිගතව ලබා ගන්නා
බවත්, තොරතුරු සහ මූල්‍ය සොරකමෙහි හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය
කිරීමෙහි චීනය නියැළෙන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
නිත්‍යනුකූල නොවන දේශපාලන කටයුතුවල චීනය නියැළෙන බවට
තොරතුරු ලැබී ඇතැයි ඔහු කියා සිටියේය. ඇමරිකාවේ කොරෝනා
පර්‌යේෂණ අවුල් කිරීමට කටයුතු කර ඇතැයි කියාද චීනයට
චෝදනාවක් එල්ල කෙරිණ.


මේ අතර වෙනත් රටවල ජීවත් වන චීන
ජාතිකයන්ට, චීන බලධාරීන් බලපෑම් කරන
බවද සනාථව ඇතැයි ඔහුගේ දේශනයෙන්
අනාවරණය විය. චීනයෙන් බැහැරව සිටින
පිරිස් සිය රටට නැවත ගෙන්වා ගැනීමට චීන
පාලකයන්ට අවශ්‍ය වී ඇති බව කියැවේ.
ඇමෙරිකාවේ ජීවත්වන චීන ජාතිකයන්ට,
චීන බලධාරීන්ගෙන් බලපෑම් එල්ල වෙමින්
තිබෙන බව ක්‍රිස්ටෝපර් රේ පෙන්වා දෙයි.
ඇමරිකාවේ ජීවත් වන කිසියම් චීන ජාතිකයකුට
එවැනි බලපෑමක් එල්ල වන්නේ නම් වහාම එෆ්.
බී.අයි. වෙත පැමිණිලි කරන මෙන් ද ඔහු ඉල්ලා

Related posts

ට්‍රම්පේ රැලියේ සංවිධාකයන්ටත් කොරෝනා….

Helarata

කාන්තා ලෝක කුසලාන තරඟවාලියේ සත්කාරයට නවසීලන්තය හා ඔස්ට්‍රෙිලියාව…

Helarata

ට්‍රම්ප් අවුල් බව අගරදගුරු කියයි…

Helarata

Leave a Comment

Translate »