හෙළරට - දේශිය පුවත්

ලංකාවේ සංචාරයට බීබීසීය අතවනයි…

කොවිඩ් වසංගතය හේතුවෙන් අභියෝගයට මුහුණ දී සිටිනවා ශ්‍රී ලංකාවේ සංචාර ව්‍යාපාරයට සහයෝගය ලබා දීමක් වශයෙන් ලොව ප්‍රමුඛ පෙළේ ජනමාධ්‍ය ආයතනයක් වන බීබීසීය ශ්‍රී ලංකාව පිළිබඳ වෙළෙඳ දැන්වීම් මාලාවක් ප්‍රචාරය කර ඇත.


ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙනුවෙන් බීබීසීය මෙම අනුග්‍රහය දක්වා ඇත්තේ පසුගිය ජුනි මාසයේදීය. ඒ අනුව පසුගිය ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන 375ක් ආවරණය වන ආකාරයට දැන්වීම් 30ක් ප්‍රචාරය කර ඇත. එම දැන්වීම් බීබීසී ජාලයේ දකුණු ආසියාව, ආසියා පැසිෆික්, මැදපෙරදිග, උතුරු ඇමෙරිකාව සහ යුරෝපයේ ප්‍රවෘත්ති සංග්‍රහවල (ඩිජිටල් සහ රූපවාහිනී මාධ්‍ය දෙකින්ම) විකාශය කර තිබේ.


මේ පිළිබඳව අදහස් පළ කරන සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙලෙස ශ්‍රී ලංකාවේ ගමනාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා බීබීසීය අනුග්‍රහය දැක්වීම දීර්ඝ කාලීන සහයෝගීතා ව්‍යාපාරයක ප්‍රතිඵලයක් බවයි. ලොව පුරා සංචාරකයන්ට ආරක්ෂිත භාවයක් ලබාදීම සඳහා සකස් කර ඇති ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී මාර්ගෝපදේශ පිළිබඳව මෙමගින් ලෝකය දැනුවත් කෙරෙන බවද අධිකාරිය පවසයි. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉතා සාර්ථකව කටයුතු කර තිබෙන ආකාරය සහ විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සහිත ගමනාන්තයක් බව නිරූපණය කෙරෙන ප්‍රචාරක ව්‍යාපාරයක් ඉදිරි​යේදී දියත් කරන බවද අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශකරයි.

Related posts

ශ්‍රී ලංකාව ඇමෙරිකාවට මුහුණු ආවරණ මිලියන 200 ක් අපනයනය කරයි ..

Helarata

දරුවන් රැකගත යුතු නිසා පාසල් ඇරඹීම ගැටලුවක්…

Helarata

පෝරුතොට පියතුමාට අගමැතිගෙන් අවසන් ගෞරව…

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!