හෙළරට - දේශිය පුවත්

කහ රත්තරන් වෙලා…

මාතලේ, දඹුල්ල, නාඋල, ගලේවෙල ආදී ප්‍රදේශවල පැවැති කහ කුඩු හිඟය යළිත් උග්‍ර වී ඇති බවත් කහ කුඩු කිලෝවක මිල රුපියල් 3000 – 3200ත් අතර මිලකට ඉහළ ගොස් ඇති බවත් ව්‍යාපාරිකයෝ පවසති.


කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමග ඇති වූ මෙම කහ කුඩුවල හිඟය තවත් උග්‍ර වී ඇති අතර පසුගිය දිනවල රුපියල් 2000-2500ට අලෙවි වූ කහ කුඩු කිලෝව රුපියල් 3000 – 3200 ත් අතර මිලකට ඉහළ ගොස් තිබේ.

මේ වන විට දඹුල්ල, නාඋල, ගලේවෙල ආදී ප්‍රදේශවල කුඩා මෝල් හිමියන් කහ කුඩු කිලෝවක් රුපියල් 3000 – 3200 අතර මිලකට අලෙවි කරන අතර එක් අයකුට කහ කුඩු ග්‍රෑම් 50ක් පමණක් නිකුත් කරන බවත් පාරිභෝගිකයෝ පවසති.


එසේම පාරිභෝගිකයන් කියා සිටින්නේ තොග බඩු වෙළෙඳසල්වල හා සුපිරි වෙළෙඳසල්වල පවා මේ වන විට කහ කුඩු හිඟයක් පවතින බව කියයි.

Related posts

Fashion | ‘Ironic Pink’ And 4 Other Back-To-School Trends

Helarata

සිංගප්පූරු හිරේ ඉන්න ලාංකිකයාට කොරෝනා …

Helarata

බන්ධනාගාරය තුෂාරට ජයසිරි ඉවතට…

Helarata

Leave a Comment

Translate »