හෙළරට - දේශිය පුවත්

ඉරටුව දිගේ මරණය ඇවිත්…

කෑම ගැනීමෙන් පසු ඉරටු කැබැල්ලකින් දත් හැරීමට පුරුදු වී සිටි තිදරු පියෙකුගේ මුඛයෙන් විෂබීජයක් ශරීර ගතවී ඔහු මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැති හදිසි මරණ පරික්ෂණයක දී අනාවරණය වී තිබේ.


⁣⁣ මියගොස් ඇත්තේ වඩුනේත්‍රිගේ ජයන්ත (55) නමැති වලමුල්ල දොඩන්දූව ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකි. හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න විසින් පවත්වන ලදී. එහි දී මියගිය අයගේ බිරිය හේමලතා වික්‍රමරත්න (54) මහත්මිය සාක්ෂි ලබා දෙමින් මෙසේ කීවාය.


මියගොස් සිටින්නේ මගේ ස්වාමිපුරුෂයායි. මට දරුවන් තිදෙනෙකු සිටිනවා. මහත්තයා මේසන් වැඩ කරනවා. මා දන්නා පරිදි මහත්තයාට කිසිදු අසනීපයක් තිබුණේ නැහැ. දින 04ක පමණ සිට දත්කැක්කුමක්
තිබුණා. මුඛයත් ඉදිමුණා. පසුව ආරච්චිකන්ද රෝහලට රැගෙන ගියා.බොන්න බෙහෙත් දුන්නා. පසුව වමනය ආවා. නැවත පෞද්ගලික වෛද්‍යවරයකු ළඟට ප්‍රතිකාර ගැනීමට ගියා.


මහත්තයාට හතිය ආවා. උදරය පුරවා දමලා තිබුණා. ඔහු සාමාන්‍යයෙන් කෑම ගැනීමෙන් පසු ඉරටු කැබලි දමා දත් හාරනවා. වේදනාව වැඩි නිසා කරාපිටිය රෝහලට රැගෙන ආවා. කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මහත්තයා මිය ගියා. මරණය ගැන සැකයක් නැහැ. මුඛය හරහා විෂබීජයක් ගිහින් ඇති බව වෛද්‍යවරුන් කීවා.


පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.ජී.ඩී ජයරත්න මහතා විසින් සිදු කරන ලදී. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා මුඛය හරහා විෂබීජයක් රුධිරගත වීම නිසා නිව්මෝනියා තත්ත්වයට පත්වීමෙන් මරණය සිදු වී ඇති බව තින්දුකරයි..

Related posts

මුරුංගාගස්යායේ නාහිමි පදනමෙන් මිද්දෙණිය රෝහලට තවත් පරිත්‍යාග ..

Helarata

ඉඩම් ඊ ලියාපදිංචියට ජනපති උපදෙස්…

Helarata

මනෝ උපදේශක මූකලානේ පෝදා බූරුගහලා…

Helarata

Leave a Comment

Translate »