හෙළරට - විදෙස් පුවත්

ට්‍රම්ප් බිරිඳ ගිනි ගනි…

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප්ගේ ප්‍රතිමාවකට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් ගැන ස්ලොවීනියාවෙන් වාර්තා වෙයි. දැවයෙන් නිම වී තිබූ මෙම ප්‍රතිමාව 2019 වසරේ නිර්මාණය කර තිබුණේ බ්‍රැඩ් ඩවුනි නමැති මූර්ති ශිල්පියෙකි.

එය ගිනි තබා විනාශ කර තිබුණේ ඇමරිකාවේ නිදහස් දිනය සැමරූ පසුගිය 4 වැනි දිනය. පිලිස්සී තිබූ ප්‍රතිමාව පසුව එතැනින් ඉවත් කිරීමට මෙම මූර්ති ශිල්පියා පියවර ගෙන තිබිණි.


මෙලනියා ට්‍රම්ප්ගේ මෙම ප්‍රතිමාව ගසක කඳක් ඇසුරෙන් නිමවන ලද්දක් බවද සඳහන් වේ. එය පිහිටා තිබුණේ යුරෝපීය රටක් වන ස්ලොවීනියාවේ සෙව්නිකා නමැති නගරයේයි. සෙව්නිකා නගරය මෙලනියා ට්‍රම්ප්ගේ උපන් ස්ථානයයි. එකල ස්ලොවීනියාව පැවතියේ යුගොස්ලෝවියාවේ කොටසක් ලෙසිනි.


කෙසේ නමුත් මෙම ප්‍රතිමාව මේ ආකාරයෙන් විනාශ කරනු ලැබුවේ කවුරුන් විසින්ද, කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලි නැත. පසුගිය කාලයේ ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක විවිධ නායකයන්ගේ ප්‍රතිමා විනාශ කරනු, විකෘති කරනු සහ ඉවත් කරනු දැකිය හැකි විය. එම ප්‍රතිමා බොහොමයක් වහල් සේවය සහ කළු ජාතිකයන්ට එරෙහි ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටි අයගේ ප්‍රතිමා විය. මෙම ප්‍රතිමා විරෝධී ව්‍යාපාරය මතු වූයේ ඇමෙරිකාවේ කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ ග්‍රහණයේදී මිය යාමේ සිද්ධියත් සමගය. එම සිද්ධියට එරෙහිව මතු වූ දැවැන්ත විරෝධතා තුළ ඉහත කී ආකාරයෙන් ප්‍රතිමා විනාශ කරනුද දැකිය හැකි විය.


මෙලනියා ට්‍රම්ප්ගේ ප්‍රතිමාව පසුගිය කාලයේ විවිධ මතභේදවලට ලක් වූවකි. එයින් ඇයගේ රුව නිසි අයුරු නිරූපණය නොවන බවටත්, එය ඇයට අගෞරවයක් බවටත් අදහස් මතු විය. නිල් පැහැති ඇඳුමකින් සැරසී අතක් ඉහළට ඔසවා ගෙන සිටින ආකාරයක් එයින් නිරූපණ කරයිිි..

Related posts

ඉන්දීය ජාතික සම්මානලාභී නළුවෙකු වු ඉර්ෆාන් ඛාන් මිය යයි… (Photo)

Helarata

ගුහා වන්දනාවට කොරෝනා ඔරවයි…

Helarata

පැරණි මරණයක් සිහිකර ප්‍රංශයේ විරෝධතා….

Helarata

Leave a Comment

Translate »