හෙළරට - දේශිය පුවත්

රත්තරන් ගණන්…

මෙරට රත්තරන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. කොළඹ රත්තරන් මිල දර්ශකයට අනුව දිනයේ කැරට් 24ක රන් පවුමක මිල රුපියල් ලක්ෂයක් (100,000) ලෙස සටහන් වී තිබිණි.

එම දර්ශකයේ කැරට් 22ක රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් අසූහයදහසක් (86,000)ක් ලෙසිනි. මෙලෙස දේශීය රත්තරන් මිල ඉහළ ගොස් ඇත්තේ ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1800 ඉක්මවා යාම නිසාය. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට රන් මිල මෙලෙස වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත්තේ 2011 වසරින් අනතුරුවය.


වාර්තාවන්ට අනුව පසුගිය මාස දාහතර තුළ ලෝක වෙළෙඳපොළේ රන් මිල සියයට හතළිහකින් ඉහළ ගොස් ඇත. කොවිඩ් – 19 වසංගත ව්‍යාප්තිය හමුවේ ලෝක ආර්ථිකයට එල්ල වූ බලපෑම මත ආයොජකයන් වැඩි වශයෙන් රන් මිලදී ගැනීමට යොමුවීම මෙලෙස ශීඝ්‍ර ලෙස
මිල ඉළ යෑමට ​හේතුවී ඇතැයි විශ්ලේෂකය පෙන්වා දෙති

Related posts

කොරෝනා වසංගතය ඇතැම් වෙළෙදුන්ට වසන්තයක් වුණා

Helarata

වෘත්තිය ක්‍රියා 46කට සෞඛ්‍ය උපදෙස් මාලාවක්…

Helarata

31 වෙනිදා ඡන්දය නෑ…

Helarata

Leave a Comment

Translate »