හෙළරට - දේශිය පුවත්

ෆේස්බුක් පච වපුරන්නන්ට වැඩවරදි…

ලංකාවේ ෆේස්බුක් පරිශීලකයන් විසින් පළ කරන වැරැදි තොරතුරු පාලනය කිරීමට මේ වන විට වැඩි අවධානයක් යොමුකර ඇති බව මෙරට ෆේස්බුක් නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කරයි. ඒ සඳහා ශ්‍රී ලංකාවටම කැපවූ ප්‍රතිපත්තියක්, වැඩසටහන් කළමනාකරුවන් සහ දේශීය පාර්ශ්වකරුවන් සමග සම්බන්ධ වී කටයුතු කරමින් සිටින බවද ‘ෆේස්බුක්’ සඳහන් කරයි.


මේ වනවිට ෆේස්බුක් ආයතනය විසින් සිංහල භාෂා ‘‘වෛරීකථන තාක්ෂණය’ උපය ෝගී කර ගන්නා බවත් එමගින් එවැනි ප්‍රකාශ හා අන්තර්ගතයන් කල්තියාම හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් පවසයි. ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ෆේස්බුක් ආයතනය සිය දේශීය යාන්ත්‍රණයේ වෙනස්කම් හඳුන්වාදී ඇති අතර අයහපත් බලපෑම් සහගත අන්තර්ගතයන් නැවත හුවමාරු කිරීම සීමා කර ඇති බවද සඳහන් කරන ෆේස්බුක් කණ්ඩායම සිය ප්‍රමිතීන් උල්ලංඝනය කරන පරිශීලකයන් පිළිබඳව වාර්තා තැබීම කඩිනමින් සිදුකරන බවද පෙන්වා දෙයි.


දැනට ගෝලීය වශයෙන් 35,000කට අධික සේවක පිරිසික් මගින් ක්‍රියාත්මක වනෆේස්බුක් කණ්ඩායමට ශ්‍රී ලංකාව වෙනුවෙන් සිංහල හා දෙමළ භාෂා සමග කටයුතු කරන නිය ෝජිතයන් පිරිසක්ද ඇතුළත් බවද ෆේස්බුක් ප්‍රකාශ කරයි.

Related posts

මහ වැස්සෙන් දූලි අැල්ල හැඩ වෙයි…

Helarata

කොරෝනා වලින් මියයන සහ රෝහල් ගතවුවන්ට රක්ෂණ වන්දි..

Helarata

කොරෝනා වලින් මියගිය රෝගියෙකුගේ සිරුර ඥාතීන්ට භාර දීලා – වෛද්‍ය සංගමයෙන් චෝදනා

Helarata

Leave a Comment

Translate »