හෙළරට - දේශිය පුවත්

කොරෝනා පාලනය කළ හැකියි..

නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වයද පාලනය කළ හැකි මට්ටමක පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

වත්මන් තත්ත්වයද පෙර පැවති මෙන් පොකුරක් වන අතර එය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ,ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවද අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව රැස් වී ඊට අදාළ සාකච්ජා පවත්වා ඇති අතර අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගෙන තිබේ.

කෙසේවෙතත් පවත්නා තත්ත්වය මත තවදුරටත් රෝගීන් හමුවීමේ ඉඩක් පවතින බව ජාසිංහ මහතා කියාසිටි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය වෛද්‍ය විශේෂඥයින්,පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු,විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අවශ්‍ය කරන සියලු කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කරයි.

“පහුගිය කාලයේ රට විවෘත කළේ ජන ජීවිතය යහපත්ව පවත්වා ගෙනයාමට. නමුත් ඇතැම්විට අපට පෙනී යනවා ආයතන,දේශපාලන පක්ෂ,ජනතාව,විවිධ කණ්ඩායම මේ තත්ත්වය නොසලකන තත්ත්වයක් තියෙන්නේ. එකෙන් ඔබ්බට ගිහින් ක්‍රියා කරන තත්ත්වයක් තුළ වෛරසයට විවෘත නොවී සිටීම උල්ලංඝනය වෙලා තියෙන්නේ.”

ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.

Related posts

අගමැති දළදා වැඳ මල්වතු අස්ගිරි මහානාහිමිවරු බැහැදකිති…

Helarata

උපාධිධාරි රැකියා ලාභීන්ගේ නම් අද වෙබ් අඩවියේ….

Helarata

මැලේසියාවේ සිටින ලාංකිකයන් කන්නවත් නැතැයි කියති…

Helarata

Leave a Comment

Translate »