හෙළරට - දේශිය පුවත්

උපදෙස් නොතකා කට්ටිය ට්‍රිප් ගියා…

පසුගිය දිනවල රටවිවෘත කළ පසු කවදාවත් නැතිවිදියට සෞඛ්‍ය උපදෙස් නොතකා ජනතාව විනෝද සවාරි ගිය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා කියයි.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හරිමින් කටයුතු
කළ ආකාරයක් දක්නට ලැබුණු බව ඔහු අවධාරණය
කර සිටියි. ආර්ථිකය ගොඩ නැගීම, දෛනික ජීවිතය
පවත්වාගෙන යාම යන කරුණු සැලකිල්ලට ගනිමින් රට
විවෘත කළ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා
ප්‍රකාශ කරයි. එහෙත් ජනතාව දේශපාලනඥයන් සහ
ආයතන එය සැහැල්ලුවට ගත් බව ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කළ හැකි
බවද ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඔහු
සඳහන් කළේය. කොවිඩ් -19 තාක්ෂණික කමිටුවද රැස්වී
පාලනය කිරීම සඳහා තීන්දු තීරණ රැසක් ගත් බවත්, ඒවා
ක්‍රියාත්මක කිරීමේදී ජනතාවගේ, දේශපාලනඥයන සහය අවශ්‍ය බවද කියයි

Related posts

ජන්දයට ජනාධිපති ජායාරූපය තහනම්….

Helarata

පාසල් වෑන්වල සිසුන් ආසන ගණනට…

Helarata

මධ්‍යම ආණ්ඩුකාර කාර්යාලයේ සේවකයන් නිවාඩු යවයි..

Helarata

Leave a Comment

Translate »