හෙළරට - දේශිය පුවත්

උසස් පෙළ විභාගය ගැන තීරණය පසුවට….

කොවිඩ් වයිරසය යළිත්
ව්‍යාප්තවීමට පටන් ගැනීමත් සමග
සියලුම පාසල් 13 වැනිදා සිට
17 වැනිදා දක්වා වසා තැබීමට
අධ්‍යාපන අමාත්‍යාංශය
(12 වැනිදා) තීරණය කළේය.

මෙම තීරණය ගෙන ඇත්තේ අධ්‍යාපන ඇමැති ඩලස්
අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ පැවති
සාකච්ඡාවකදීය.
ඉදිරියේ දී ඇති වන තත්ත්වයන් මත ගත යුතු
පියවරයන් පිළිබඳව ඉදිරියේ දී තීරණය කිරීමට නියමිත ය.
ලබන මස 7 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත උසස්
පෙළ විභාගය කල් දමන්නේද නැද්ද යන්න පිළිබඳව
අමාත්‍යාංශයේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව
තිබූ නමුත් පවතින තත්ත්වය මත ඒ සම්බන්ධ තීරණය
ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් කල් දැමීමට සිදුවී තිබේ

Related posts

කැනඩා ලංකා ප්‍රේමය වැඩිවෙලා…

Helarata

බ්‍රිතාන්‍යයේ අලුත් කොරෝනා එන්නත 300කට විදලා….

Helarata

මුහුදු යෑමෙන් වළකින්න…

Helarata

Leave a Comment

Translate »