හෙළරට - ප්‍රාදේශීය පුවත්

පානදුර පොලිසියෙන් රියදුරන්ට සෞඛ්‍ය කදවුරක්…

🖋️ජනක හෙට්ටිආරච්චි

පාණදුර බස් රථ රියදුරු සහ සහයකයින්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් පානදුර බස්නැවතුම්පලේදී පැවැත්විණ.රිය අනතුරු අවම කිරීම සහ මගී බස් රථ සේවක සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම අරමුණු කොට ගෙන පාණදුර  ජේෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ , සහකාර පොලිස් අධිකාරී උදය අමරතුංග , පාණදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරසේන මහත්වරුන්ගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප චාමේන්ද්‍ර මහතාගේ මෙහෙයවීමෙන් එම නිලධාරීන් සංවිධානය කර තිබූ මෙහිදී බස් රථ සේවකයන්   එකසිය  දෙදෙනකුගේ  පමණ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කොට තිබිණ.

රුධිර පීඩනය , රුධිර පරීක්ෂා ව ඇතුලු පරීක්ෂණ රැසක් සිදු  කොට ඇති අතර  එහිදී සෞඛ්‍ය තත්වය දුර්වල බස් රථ සේවකයකු ව සුවසැරිය හදිසි ගිලන් රථය කැදවා   එම මොහොතේම රෝහල්ගත කොට ගත කල බව පාණදුර දකුණ  පොලිස්  රථවාහන ස්ථානාධිපති ප්‍ර.පො.ප චාමේන්ද්‍ර  මහතා හෙළරට පුවත් වෙත පැවසීය .

පානදුර දකුණ පොලිස් ස්ථානයේ සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් පැවති සෞඛ්‍ය කදවුරෙහි අවස්ථාවන් චායාරූපයෙහි වේ.

Related posts

රඹුක්කනට ආ ජනපති වෙත ‘කෑගල්ලත් හදමු’ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වේ…

Helarata

කළුතර පන්සල් වල පැල සිටවේ …

Helarata

රඹුක්කන මහජන සෞඛ්‍ය පරික්ෂකට පහර දුන් සැකකරු අත්අඩංගුවට

Helarata

Leave a Comment

Translate »