හෙළරට - දේශිය පුවත්

කොරෝනා පැතිරයෑම අවම කිරිමට ජනපති උපදෙස්…

PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් සමාජය තුළ වසංගතය පැතිරයාම අවම මට්ටමේ තබා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආසාදිතයන් හඳුනාගත් රාජාංගනය අතුළු සෙසු ස්ථානවල PCR පරීක්ෂණ වැඩිකරන ලෙස උපදෙස් දුන් අතර වසංගතය පිළිබඳ අලුත්ම තොරතුරු සහ රජය ගෙන යන ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැන්වීය.

කොවිඩ් වසංගත මර්දනයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් පුළුල් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවට ලක් විය.
කොවිඩ් මර්දන ව්‍යාපාරය සාර්ථකව රට පුරා ක්‍රියාත්මක කිරීමට දිවා රෑ නොබලා අඛණ්ඩව දායක වන සියලුදෙනා ඉතා ඉහළින් අගයන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය..
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී . ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්ම මහත්මීහූ සහ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සහ විශේෂඥ වෛද්‍යවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

පිරිවෙන්වලින් ඉටුකම අරමුදලට ලක්ෂ 45ක්…

Helarata

මනාලයාගේ පැටිකිරිය හොයන අලුත් ක්‍රමයක්…

Helarata

දරුවන්ගේ වීඩියෝ දැමු ප්‍රදේශ හදුනාගනි…

Helarata

Leave a Comment

Translate »