හෙළරට - දේශිය පුවත්

ගෙම්බියන්ගේ සිත්ගන්න ගෙම්බෝ පාට වෙනස්කරගෙන..

ජල පරිශ්‍රයක කහ පැහැති ඉන්දියානු
‘ගව ගෙම්බන්’ විශාල සංඛ්‍යාවක් ගැවසෙන වීඩියෝවක් අන්තර්ජාලයේ බෙහෙවින් සංසරණය වී ඇත. මෙම වීඩියෝව සිය ට්විටර් ගිණුමේ බෙදාහැර ඇත්තේ ඉන්දීය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වන පර්වීන් කස්වාන් විසිනි.


කස්වාන්ට අනුව මධ්‍ය ප්‍රදේශයේ ප්‍රාන්තයේ නර්සිංපූර් ප්‍රදේශයේ මෙලෙස ගව ගෙම්බන් විශාල සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. කස්වාන් වීඩියෝව බෙදාහැර ඇත්තේ ‘‘ඔබ කවදා හෝ කහ පැහැති ගෙම්බන් දැක තිබේද?’’ යනුවෙන් විමසීමක් කරමිනි.


ඇත්තෙන්ම මෙම ගව ගෙම්බන් මෝසම් සමයේදී කහ පැහැයට වර්ණය වෙනස් කරගෙන ඇත්තේ ගැහැනු සතුන් ආකර්ෂණය කරගැනීම සඳහාය. ඉන්දියානු ගව ගෙම්බන්ගේ සාමාන්‍යයෙන් තද දුඹුරු පැහැති ඉරි සහිත ළා දුඹුරු පැහැති ශරීරයක් සහිත සත්ත්වයෝ වෙති. සහකාරියන් ආකර්ෂණය
කරගැනීම සඳහා අභිජනන
සමයේදී මෙලෙස ගව ගෙම්බෝ
සිය සමේ වර්ණය වෙනස් කරගනිති

Related posts

බ්‍රිතාන්‍ය අමැතිවරයෙක් අස්වෙයි…

Helarata

සොබා දහමට හානිකළොත් එහි බලපෑමෙන් මිදිය නොහැකියි – අගමැති

Helarata

පෞද්ගලික සහ රාජ්‍ය වෘත්තිකයින් ප්‍රවාහනයට කුලී රථවලට අවසර..

Helarata

Leave a Comment

Translate »