හෙළරට - විදෙස් පුවත්

පාප්තුමා සංවේගයෙන්…

තුර්කියේ ඉස්තාම්බුල් නගරයේ ඓතිහාසික ‘හේගියා සොෆියා’ (Hegia Sophia) පරිශ්‍රය නැවත මුස්ලිම් පල්ලියක් බවට පත්කිරීමට තුර්කිය ගෙන ඇති තීරණය නිසා තමා ‘වේදනාවට’ පත්ව සිටින බව අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර තිබේ.

වතිකානුවේ පැවැති දේව මෙහෙයක් අමතමින් පාප් වහන්සේ සඳහන් කළේ ඉස්තාම්බුල් සම්බන්ධ තමන්ගේ සිතුවිලි ඉතාම කනගාටුදායක බවයි.


හේගියා සොෆියා යනු මීට වසර 1500 කට පමණ පෙර ඉදිකරන ලද ‘ක්‍රිස්තියානි ආසන දෙව් මැදුරකි.’ ක්‍රිස්තු වර්ෂ 1453 දී ඉස්තාම්බුල් නගරය ඔටෝමාන් අධිරාජ්‍යය යටතට පත්වීමෙන් අනතුරුව හේගියා සොෆියා මුස්ලිම් පල්ලියක් බවට පත් කෙරිණි. ඉන් වසර 500 කට අනතුරුව 1934 දී එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරමින් කෞතුකාගාරයක් බවට පත් කෙරිණි.


එහෙත් පසුගිය සතියේදී තුර්කි අධිකරණයක් විසින් යුනෙස්කෝ ලෝක උරුම තත්ත්වය අහෝසි කරමින් හේගියා සොෆියා පරිශ්‍රය මුස්ලිම් පල්ලියක් හැර ‘වෙනත් දෙයක්’ ලෙස භාවිත කිරීම ‘නීත්‍යනුකූල නොවන’ බවට නියෝගයක් නිකුත් කෙරිණි. මෙම නියෝගය නිකුත් කිරීමත් සමග තුර්කි ජනාධිපති රිසෙප් ටයිස් අර්ඩෝගන් සඳහන් කර ඇත්තේ ‘හේගියා සොෆියා මුස්ලිම් පල්ලියේ’ යාඥාවන් එළඹෙන ජූලි 24 වැනිදා ආරම්භ කරන බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකර මඳ වේලාවකින්ම එම පරිශ්‍රයේ යාඥාවක් පවත්වා එය තුර්කියේ ප්‍රධාන ප්‍රවෘත්ති නාළිකා ඔස්සේ විකාශය කිරීමටද රජය කටයුතු කර තිබේ. මේ අතර හේගියා සොෆියා කෞතුකාගාරයට අදාළ සමාජ මාධ්‍ය නාළිකාද මේ වන විට අත්හිටුවා ඇත. තුර්කියේ ‘ඉස්ලාම්වාදීන්’ විසින් හේගියා සොෆියා නැවත මුස්ලිම් පල්ලියක් බවට පත්කරන ලෙස ඉල්ලා සිටියද එරට විපක්ෂයේ විරෝධය හේතුවෙන් එම පියවර මෙතෙක් කලක් ප්‍රමාද විය.


කෙසේ වෙතත් සිය තීරණය සාධාරණීකරණය කරමින් ජනාධිපති අර්ඩෝගන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ සිය රට විසින් ස්වෛරී අයිතියක් ක්‍රියාත්ම කර ඇති බවත් මෙම ගොඩනැගිල්ල මුස්ලිම් සහ මුස්ලිම් නොවන සිය දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් විවෘත කරයි.

Related posts

කොරෝනා මැඬලන්නන්ට උපහාර පුදද්දි ගුවන් යානය කඩාවැටේ…

Helarata

ට්‍රම්ප් ගැන ඔබාමා විවේචනයක..

Helarata

අමාත්‍යාංශ සේවිකාව සමඟ පෙම් කෙළි ඇමැති දොට්ට..

Helarata

Leave a Comment

Translate »