හෙළරට - දේශිය පුවත්

රට රැකියා දෙනවා කියා මල්වතු මහනාහිමිගේ නම විකුණලා…

මල්වතු මහනායක හිමියන් ඇතුළු සම්භාවනීය පුද්ගලයන් කිහිපදෙනකු‌ගේ නම් විකුණා විදේශ රැකියා අවස්ථා ලබාදෙන බවට දිවයිනේ ප්‍රදේශ ගණනාවක සිය දෙනෙකුට වැඩි පිරිසක් රවටා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ බව කියන අයකු මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මගින් (14 වැනිදා) අත්අඩංගුවටගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මල්වතු මහනාහිමියන්ට අමතරව අක්ෂි ශල්‍ය විශේෂඥවරයකු, ඉංජිනේරුවරයකු, විශ්වවිද්‍යාල ආචාර්වරයකු හා උසස් රැකියාවක් කරන විද්වතකු ලෙසද පෙනී සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.


මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් මධ්‍යම පළාත් නිය ෝජ්‍ය පොලිස්පතිවරයාට කළ දැනුම්දීමක් මත මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මාස හතරක පමණ කාලයක් විමර්ශනය කිරීමෙන් පසු සැකකරු පේරාදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.


නම් ගණනාවකින් පෙනී සිටි ඇති මෙම පුද්ගලයා අනුරාධපුර, ගාල්ල, මාතර, මහනුවර, මහරගම, කඩවත, වත්තේගම, තෙල්දෙණිය ආදි ප්‍රදේශ ගණනාවක පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන තිබෙන බවත් 2016 වසරේ සිට පදිංචි ප්‍රදේශය වෙනස් කරමින් අදාළ වංචාව සිදුකර තිබෙන බවත් පොලිසිය පවසයි.


මෙසේ වංචා කළ මුදල් කාන්තාවන් සිව්දෙනකුගේ ගිණුම්වලට ගෙන්වාගෙන ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. සැකකරු හා සම්බන්ධතා පැවැත්වූ එවැනි එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ලබාගත් තොරතුරු මත කළ පරීක්ෂණයකදී සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ. අට ශ්‍රේණිය පමණක් සමත් සැකකරු කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ටිකරය සහිත සුඛෝපභෝගී රථයක්ද පරිහරණය කර ඇති අතර එයද මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

ඡන්ද ගණන් කිරීමේ පෙරහුරුවක්..

Helarata

5000 ජූනි මාසෙටත්…

Helarata

රෙදිපිළි නිෂ්පාදක ගැටලු අගමැති අවධානයට…

Helarata

Leave a Comment

Translate »