හෙළරට - විදෙස් පුවත්

කටවැසුවේ නැති අයට ඇමෙරිකාවේදි උණ්ඩයක්….

මුඛ ආවරණ නොපැලඳීම නිසා ඇමෙරිකාවේ අපරාධ සිදුවන්නට පටන් ගෙන ඇත. මුඛ ආවරණ පැලඳ සිටින සහ නොපැලඳ සිටින ඇමරිකා ජාතිකයන් අතර ඇතිවන බහින්බස්වීම් ගැන වාර්තා වේ.


මෙවැනි ඇතැම් බහින් බස් වීම් පුද්ගල මරණවලින් කෙළවර වන තත්ත්වයක්ද මතුව ඇත. මිචිගන්හිදී පොලිස් වෙඩි පහරකින් පසුගියදා අයෙකු ජීවිතක්ෂයට පත් වූයේද එවැනි සිද්ධියක් මුල් කරගෙනය. ජීවිතක්ෂයට පත් පුද්ගලයා සීන් රුස් වශයෙන් හඳුනාගෙන තිබේ. මුව ආවරණයක් පැලඳ සිටි හැත්තෑ හත් හැවිරිදි පුද්ගලයකු, මුව ආවරණයක් නොපැලඳ සිටි සීන්ගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර ඇත. කතා බහ දුරදිග යෑම නිසා කෝපයට පත් සීන්, හැත්තෑ හත් හැවිරිදි පුද්ගලයාට පිහියකින් ඇන පලා ගොස් තිබේ.


මේ අපරාධය පොලිසියට වාර්තා වීමත් සමගම පොලිස් නිලධාරින් සීන්ව අල්ලා ගැනීමට ලුහුබැඳ ඇත. කලබල වී පලායමින් සිටි සීන් අල්ලා ගැනීමට සමීප වූ පොලිස් නිලධාරිණියකට පිහියෙන් අනින්නටද ඔහු උත්සාහ කර ඇති බව සඳහන් වේ. ඒ අවස්ථාවේදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සීන් ජීවිතක්ෂයට පත්ව තිබේ.


මුව ආවරණයක් නොපැලඳ ලොස්ඇන්ජලීස්හි වෙළෙඳසලකට ඇතුළුවන්නට උත්සාහ කළ පාරිභෝගිකයකුට ආරක්ෂක භටයකු වෙඩි තැබූ සිද්ධියක්ද අමරිකාවෙන් පසුගිය සතියේදී වාර්තා විණ. වෙඩි පහරට ලක් වූ පාරිභෝගිකයා ජීවිතක්ෂයට පත් වූ බව සඳහන්වේ..

Related posts

පුටින් ගෙන් සෞඛ්‍ය අංශයට බෝනස්….

Helarata

ට්‍රම්ප් ගැන පාක්ෂිකයන් කනස්සල්ලෙන් …

Helarata

ගුගිනෝ තල්ලුකළ පොලිස් නිලධාරින්ට වැඩවරදි…

Helarata

Leave a Comment

Translate »