හෙළරට - දේශිය පුවත්

ජන්ද ප්‍රචාරයට බබාලා එපා…

මැති­ව­රණ අපේ­ක්ෂ­ක­යන් ප්‍රව­ර්ධ­නය කරන වෙළෙඳ නිවේ­දන, වීඩියෝ පට, පෝස්ටර්, දැන්වීම් ආදිය සඳහා බාල වය­ස්කාර දරු­වන් යොදා ගැනී­මෙන් වළ­කින ලෙස මැති­ව­රණ කොමි­ෂන් සභාව අදාළ බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටියි. මැති­ව­රණ කාල­සී­මා­වේදී අපේ­ක්ෂක ප්‍රව­ර්ධ­න­යට බාල වය­ස්කාර දරු­වන් යෙද­වීමේ ප්‍රව­ණ­තා­වක් පව­තින බවට මැති­ව­රණ නිරි­ක්ෂණ සංවි­ධාන කිහි­ප­යක් මැති­ව­රණ කොමි­ෂන් සභා­වට දැනුම් දී ඇත.

එලෙස අපේ­ක්ෂ­ක­යන් ප්‍රව­ර්ධ­න­යට බාල වය­ස්කාර දරු­වන් යොදා නොගන්නා ලෙස මැති­ව­රණ කොම­සා­රිස් ජන­රාල් සමන් ශ්‍රී රත්නා­යක මහතා ඉල්ලා සිටියි. අපේ­ක්ෂක ප්‍රව­ර්ධ­නය කරන වෙළෙඳ නිවේ­දන, වීඩියෝ පට, පෝස්ටර්, දැන්වීම් ආදිය සඳහා බාල වය­ස්කාර දරු­වන් යොදා ගැනී­මෙන් බාල වය­ස්කාර දරු­වන්ගේ පෞරුෂ වර්ධ­න­යට ,මාන­සික මට්ට­මට සහ අන­න්‍ය­තා­වට මෙන්ම ඔවුන්ගේ අනා­ග­ත­ය­ටද අහි­ත­කර බල­පෑ­මක් ඇති කරන බවද මැති­ව­රණ නිරි­ක්ෂණ සංවි­ධාන විසින් දන්වා ඇති බවත් සමන් ශ්‍රී රත්නා­යක මහතා පව­සයි.

Related posts

අම්බලන්ගොඩදි නාවික සෙබළුන් ආ බසය අනතුරක..

Helarata

උතුරු- මධ්‍යම අධිවේගි මාර්ගය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්…

Helarata

කොරෝනා කදුළෙන් එයි

Helarata

Leave a Comment

Translate »