හෙළරට - දේශිය පුවත්

බිරුවේ බල්ලෝ හිටියේ වල් අලි……

කන්තලේ මුල් පදිං­චි­ක­රු­වන් ජීවත් වන වෙන්ඩ්‍රා­ස­න්පුර ජන­ප­ද­යට පසු­ගි­යදා (12) රාත්‍රී පැමිණි වන අලි රංචු­වක් එක් වත්තක තිබූ කෙසෙල්, බඩ­ඉ­රිඟු ඇතුළු භෝග වගා­වන් මුළු­ම­නින්ම විනාශ කර දමා ඇත.

රාත්‍රියේ පැමිණ ඇති මෙම වන අලි රංචුව ගෙහි­මි­යන් දැක ඇත්තේ සියල්ල විනාශ කොට අලු­යම තුනට පමණ වත්තෙන් පිටව යද්දීය.

එම වත්තේ හිමි­කා­රිය වූ කුමාරි මහ­ත්මිය මෙසේ කියා සිටි­යාය.

“එදා රෑ 2ට විතර පාරෙ බල්ලො බිරුවා. වෙන­ද­ටත් බුරන නිසා අපි ගණන් ගත්තෙ නෑ. පස්සෙ අපි නිදා ගත්තා. පාන්දර තුනට විතර ආයෙත් බල්ලො දිග­ටම බුරන්න පටන් ගත්තා. තව ලොකු සද්දෙ­කුත් ආවා. මායි මහ­ත්ත­යයි නැඟි­ටලා ටෝච් ගහලා බැලුවා. එත­කොට තමයි අපි දැක්කෙ අලි ඉන්නවා. පස්සෙ කෑ ගහලා රතිඤ්ඤා පත්තු කරලා කොහොම හරි අලි ටික එළව ගත්තා.”

“වත්තට ගිහින් බලන කොට තමයි දැක්කෙ වෙලා තිබ්බ දේ. මගේ පපුව හෝස් ගාල ගියා. මොකද මෙච්චර කාලෙ­කට මේ ගමට අලි ඇවිත් මෙහෙම විනා­ශ­යක් කරලා. මේක හැම පැත්ත­කින්ම ගෙවල් දොර­ව­ල්ව­ලින් වට­වෙච්ච සිය දහස් ගණ­නක් ජීවත් වෙන ජන­ප­ද­යක්.”

“මහ­ත්තයා වැඩ කරන්නෙ ටෙලි­කොම් එකේ. ඉතින් පසු­ගිය කොරෝනා කාලයේ එයයි මායි එකතු වෙලා අපේම දේ වවලා කමු කිය­ලයි මේ වත්ත පුරාම එළ­වළු, බඩ­ඉ­රිඟු, කෙසෙල් වගා කරන්න පටන් ගත්තෙ. අනික මේවට සෑහෙන්න විය­දම් කරා. වත්ත පුරාම බට ලයින් දාලයි වතුර දැම්මෙ. මේ සේරම එක රැයින් ගඟට ඉනි කැපුවා වගේ වුණා.”

ගම්වැ­සි­යකු වන චන්න මහතා මෙසේ පැව­සීය.

“අපේ ගේ ඉස්ස­රහ පන්සල් වත්තේ ඉඳල රෑ 11ට විතර සද්ද­යක් ඇවිත් බලන කොට දැක්කා අලි තුන් හතර දෙනෙක් පාරට බහි­නවා. පස්සෙ අපි කෑ ගහලා එළෙව්වා. මේ ගමට අලි ආපු පළමු වතාව තමයි මේ. අපේ තාත්ත­ලා­වත් කියලා නෑ කව­දා­වත් අලි ආවා කියලා. දැන් ඉතින් දිග­ටම එන්න පටන් ගනියි.”

Related posts

ජනදිවිය යථාතත්වයට පත්කිරිමේ ක්‍රියාමාර්ගයන්ට ජනපති උපදෙස්..

Helarata

ඇදිරි නීතිය ලිහිල් වෙි..

Helarata

එංගලන්තයෙන් තව 900ක් එන්න සුදානමින්..

Helarata

Leave a Comment

Translate »