හෙළරට - දේශිය පුවත්

සුද්දෝ සිගරැට් බීම අත්හරිති…

කොරෝනා වයිරසය පැතිර
යෑම ආරම්භ වීමත් සමග
මිලියනයකට අධික බ්‍රිතාන්‍යයන්
පිරිසක් දුම්පානය අත්හැර ඇති බව
ඇක්ෂන් ඔන් ස්මෝකින්ග් ඇන්ඩ්
හෙල්ත් නමැති සමාජ සත්කාරක
ආයතනය පවසයි. කොරෝනා
ව්‍යාප්තිය ඇරඹුණු පළමු මාස
හතර තුළදීම ඉන් 41%ක් දුම්පානය
අත්හැර ඇති බව සනාථව තිබේ.


ඇක්ෂන් ඔන් ස්මෝකින්ග් ඇන්ඩ්
හෙල්ත් නමැති සමාජ සත්කාරක
ආයතනය සිදු කළ සමීක්ෂණයකින්
එකී තොරතුරු අනාවරණය
වී ඇත. එක්සත් රාජධානියේ
ලන්ඩන් කොලීජිය සිදු කළ
සමීක්ෂණයකින්ද මෙයට සමානම
තත්ත්වයක් තහවුරු වී තිබේ.

එහි සමීක්ෂකයන් පවසන්නේ 2007ට
වඩා 2020 ජුනි මාසය වන විට
දුම්පානය අත්හළ පිරිස වැඩි බවකි.
කොරෝනා ආසාදනය, දුම්පානය
නිසා බරපතළ විය හැකි බව
සෞඛ්‍ය අංශ පැහැදිලි කරදීමත්
සමග දුම්පානය අත්හරින්නට
ජනයා පෙළඹී ඇති බව
සමීක්ෂකයෝ පවසති.
ඇක්ෂන් ඔන් ස්මෝකින්ග්
ඇන්ඩ් හෙල්ත් ආයතනයේ
අධ්‍යක්ෂ ඩෙබෝරා අර්නොට්
පවසන්නේ කොරෝනා නිසා
දුම්පානය අත්හළ පිරිස මෙන්
පස් ගුණයකටත් වඩා වැඩි
පිරිසක් බ්‍රිතාන්‍යයේ තවමත්
දුම්පානයේ නියැළෙන බවකි.


බ්‍රිතාන්‍යය ජාතිකයන් මිලියන
7ක පමණ පිරිසක් දුම්පානයට
ඇබ්බැහි වී සිටින බව පසුගිය
වර්ෂයේ සංඛ්‍යා ලේඛනවලින්
අනාවරණය වී ඇත.
කොරෝනා රෝගයේ
ප්‍රමුඛතම රෝග ලක්ෂණ ලෙස
සැලකෙන්නේ උණ, නොනවත්වා
ඇතිවන කැස්ස සහ ශ්වසන ආබාධ වේ.

Related posts

ගම් විවෘතකළත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිම අනිවාර්යයි..

Helarata

18,430කට අම්ෆන්ගෙන් කරදර …

Helarata

උසස් පෙළ ශිෂ්‍යත්ව විභාග ගැන තීරණය පාසල් ඇරඹිමෙන් පසු…

Helarata

Leave a Comment

Translate »