හෙළරට - ප්‍රාදේශීය පුවත්

මත් ද්‍රව්‍ය උපදේශනයට කොලොන්නාව සැරසෙයි..

මත් ද්‍රව්‍ය සම්බන්ධ උපදේශනය ලබා දීම සඳහා “උපදේශන පියස” නමින් සේවා සැපයුම් ඒකකයක් පසුගිය දා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භ කෙරුණා.

එය ආරම්භ කෙරුණේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා අතින්.

සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනක ම ” උපදේශන පියසට” පැමිණීමෙන් මත් ද්‍රව්‍ය සම්බන්ධ උපදේශන සහය ලබා ගත හැකියි.

එසේ ම අධිකරණ මඟින් යොමු කරන පුද්ගලයන් ද මේ සඳහා යොමු
කරනු ලබනවා.

මෙම උපදේශන මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ අවස්ථාවට කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකමි චමින්ද පරණමාන , අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ කොලොන්නාව නියෝජිත එෆ් ආර්.අයි. සාලි, කොලොන්නාව ප්‍රජා විශෝධන නිලධාරි එච්.ජේ.අයි .හෙට්ටිආරචිචි ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.

තොරතුරු – කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය –

  

Related posts

බලංගොඩ ජලයට යටවු එළවළු පලතුරු ඉවතට…

Helarata

කෑගල්ලේ ග්‍රාමීය තරුණ ප්‍රජාවට කලා කව -දිසාපති මහින්ද එස් වීරසූරිය

Helarata

කෑගල්ලේ ගංවතුරට වැටබඳින්න කමිටුවක්…

Helarata

Leave a Comment

Translate »