හෙළරට - දේශිය පුවත්

එළවළු සදහා නිසි මිළක්….

එළවළු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක් උදාවන අයුරින් සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බවත් එළවළු, පළතුරු සහ සෙසු භෝග දිවයින පුරා බෙදාහැරීම ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂාවන අයුරින් විය යුතු බවත් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.


පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (21) නුවරඑළිය දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටින ජනාධිපතිවරයා වලපනේ නගරයේ සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වෙමින් මේ බව පැවසීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක සහ නිමල් පියතිස්ස මහත්වරු විසින් හමුව සංවිධානය කර තිබිණ.


රාජ්‍ය බැංකු ණය සම්පාදනය තමන්ට සහනයක් සැලසෙන පරිදි ඉටු නොවන බව ද ගොවිහූ ජනපති සමග කීහ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල පුරප්පාඩු රැසක් පවතී. ඒවාට පත්ව එන පිරිස් කෙටි කලකින් මාරුවීම් ගෙන වෙනත් පළාත්වලට යති. මේ නිසා ප්‍රදේශයේ ජනතාවට සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමේ දී මහත් ගැටළුවක්ව ඇතැයි ඔවුුුහ ජනාධිපතිවයා දැනුවත් කළහ.


පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය කර, එය පාසල සමග යා කරමින් පාලමක් ඉදිකර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා යුද හමුදාපතිවරයා වෙත යොමු කළේ. හෙටම ඒ ගැන සොයා බැලීමටත්, කඩිනමින් ඉල්ලීම ඉටුකරදීමටත් පියවර ගන්නැයි ඔවුුුහ උපදෙස් දුන්නේය . ප්‍රදේශයේ ජනතාව ඉදිරිපත් කළ ගැටළු කඩිනමින් විසඳීමට ද ජනපති විසින් නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.

Related posts

ප්‍රවිණ නිවේදක හා නළු නඩරාජා ශිවම් අභාවප්‍රාප්ත වෙයි… .

Helarata

පාසල් වෑන් ගාස්තු ගැන විසඳුමක් නෑ….

Helarata

දළදා මාලිගාවේ පොසොන් පෙරහර සෞඛ්‍ය උපදෙස් අනුව…

Helarata

Leave a Comment

Translate »