හෙළරට - දේශිය පුවත්

විල්ගම්වෙහෙරේ දකුණු දළදාව අැතැයි කීම අසත්‍යයක්

🖋️ජනක හෙට්ටිආරච්චි

විල්ගම්වෙහෙරේ දකුණු දළදාව අැතැයි කීම අසත්‍යයක් – එල්ලාවල මෙිධානන්ද නාහිමියෝ කියති

කිසිදු සාධකයක් නොමැතිව විල්ගම්වෙහෙර චෛත්‍යයේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත්ව ඇතැයි මතයක් ඇතිකිරිම ඉතිහාසයට කරන බරපතල හානියක් යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති.
මෙවැනි බොරු බේගල් තුළින් රටේ ඉතිහාසය වෙනස් කිරිමෙි කුමන්ත්‍රණයක් ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන බවද මේධානන්ද නාහිමියෝ අවධාරණය කරති.

මේ දිනවල විල්ගම්වෙහෙර චෛත්‍යයේ දකුණු දළදා වහනසේ තැන්පත්ව ඇතැයි මතයක් ඇතිකිරිමෙි උත්සහයක් තිබෙන බව පෙනෙනවා.මේ ආසන්නයේම ඇති සේරුවිල චෛත්‍යයේ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ ඇතැයි සදහන් වෙනවා.නමුත් විල්ගම්වෙහෙර චෙත්‍යයේ එවැනි ධාතුන්වහන්සේලා තැන්පත් බව කිසිම සාධකයක් හමුවි නැහැ.
දකුණු දළදා වහන්සේ අැතැයි වංශකතාවල සදහන්වන සෝමාවති චෛත්‍යයේ පවා තවත් ගවේෂණය කළයුතුයි.නකුල කුමරු විසින් කරවා මණි අගිය චෙිතිය නමින් ශිලා ලේඛනවල සෝමාවතිය හදුන්වනවා.එසේම ගිරිඅබා රජු සිය බිසවවු සෝමාදේවිය සිහිවිම පිණිස සෝමාවතිය කරවු බව වංශකතාවල සදහන් වෙනවා.නමුත් ⁣ගිරිඅබා රජු හා නකුල කුමරු කරවුයේ එකම චෛත්‍යයද කියා කියන්න තවත් ගවේෂණ කළයුතුයි .
එසේම මහවැලි ගඟෙන් උතුරට වෙරුගල්ආර ට ආසන්නව කොම්බනාච්චිය පුරාවස්තු නටබුන් රැසක් පවතින තැනක්.මෙතැන රුහුණේ සෝමාවතිය ලෙසත් හැදින්විමක් තියෙනවා.නමුත් එය තහවුරු කිරිමට එතැන පුරාවිද්‍යා ගවේෂණ කළයුතුයි .කොම්බනාච්චි ගල්ලෙනක ක්‍රිස්තු පුර්ව 3 වන සියවසට අයත් බ්‍රාහ්මිය අක්ෂර දෙකක් තිබෙනවා.කොහොම වුනත් එහි පුරාවිද්‍යා ගවෙිෂණයක් කළයුතුයි .
විල්ගම්වෙහෙර චෛත්‍යයේ දකුණු දළදා වහන්සේ තැන්පත්ව අතැයි කියන්න කිසිම සාධකයක් හමුවි නැහැ.පුරාවිද්‍යා සාධක නොමැතිව එවැනි මතිමතාන්තර ප්‍රකාශකිරිම කිසිම පුරාවිද්‍යාඥයෙකුට ගැලපෙන ක්‍රියාවක් නොවේ.එය ජනතාව නොමඟ යවන අසත්‍ය ප්‍රකාශයක් බව විශේෂයෙන් කිවයුතුයි
යැයි එල්ලාවල මේධානන්ද නාහිමියෝ වැඩිදුරටත් පැවසුහ.

Related posts

උසස් පෙළ සිසුන්ට පීඩාවක් නැතිව….

Helarata

මත්කුඩු සොයා කොළඹ වැටලීම් …

Helarata

බලංගොඩ පස්කන්දක් වැටි බදුල්ල කොළඹ පාර වැසෙයි

Helarata

Leave a Comment

Translate »