හෙළරට - ප්‍රාදේශීය පුවත්

ආපදාවලට ලක්වුණු පවුල්වල වර්ඩ්ල් විෂන් සුබසාධන කටයුතු සාර්ථකව අවසන්….

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට හා දෙහිඹ්විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ක්‍රියාත්මක ගංවතුර පෙර සූදානම් ව්‍යාපෘතිය යටතේ පසුගිය මාස දෙක තුළ දී ආපදාවට ලක්වුණු පවුල් වල සුභ සාධනය හා සුරක්ෂිත මධ්‍යස්ථානවල ප්‍රයෝජනය සඳහා රුපියල් ලක්ෂ 62 ක් වැය කර ඇති බව වර්ඩ්ල් විෂන් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.


නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ ගංවතුර ආපදා වලට ලක්වුණු පවුල් වල හා සුරක්ෂිත මධ්‍යස්ථානවල අවශ්‍යතා සඳහා මෙම මුදල් වැය කර ඇත.


වර්ල්ඩි විෂන් ශ්‍රී ලංකා ආයතනය මඟින් ක්‍රියාත්මක කෙරුණ මෙම වැඩසටහන සාර්ථකව අවසන් කළ බවට වූ අවසන් වාර්තාව කෑගල්ල දිසාපති දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා වෙත භාර දීම අද (22) පෙරවරුවේදී සිදුකෙරිණි.


මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල, දිස්ත්‍රික් ආපදා සහන නිලධාරී රංජිත් අමරසේන, දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිශාන්ත ප්‍රේමරත්න , වර්ල්ඩි විෂන් ශ්‍රී ලංකා ආයතනයේ ක්ෂේත්‍ර මෙහෙයුම් කළමනාකරු මනෝජ් ජූඩ් තවරාජා යන මහත්වරුන් සහභාගී වූහ.

Related posts

ගාල්ල ධීවර වරායේ ගින්න මැඩලයි – නාවික හා ගිනිනිවිමේ හමුදා එකතු වෙන්

Helarata

සිතාවක රාජ්‍ය නිළධාරීන් ඇගයේ….

Helarata

කෑගලු විත්ති විමර්ශන ග්‍රන්ථයේ දෙවන මුද්‍රණය එළි දැක්වේ…

Helarata

Leave a Comment

Translate »