හෙළරට - විදෙස් පුවත්

අමාත්‍යාංශ සේවිකාව සමඟ පෙම් කෙළි ඇමැති දොට්ට..

🖋️නිරන්ජන් හේරත් නවසීලන්තයේ සිට

නවසීලන්තයේ අමාත්‍යවරයෙකු විසින් ඔහුගේ අමාත්‍යාංශයේ සේවය කරනු ලබන කාන්තාවක සමග අනියම් අසුරක් පවත්වාගෙන යෑම හෙලිදරව්වීමෙන් පසු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් මහත්මිය විසින් ඔහුව ඇමතිධූරයෙන් පහ කර ඇත.

මෙසේ ඇමතිධූරයෙන් පහකර ඇත්තේ ‘සේවා ස්ථාන සබඳතා’, ‘ආගමන විගමන’ සහ ‘හදිසි අනතුරු වන්දි’ අමාත්‍ය ඉයන් ලීස් ගැල්වේය.

41 හැවිරිදි තිදරු පියෙකු වන ඉයන් විසින් මෙම සම්බන්ධතාවය මාස 12 ක පමණ කාලයක් පවත්වාගෙන ගොස් ඇති අතර, විරුද්ධ පක්ෂ නායිකා ජූඩිත් කොලින්ස් මහත්මිය විසින් මේ සම්බන්ධව අගමැතිණිය දැනුවත් කර ඇත.

මෙම සම්බන්ධය දැනගත් වහාම අගමැතිණිය විසින් ඉයන් අමැතිවරයා තම කර්යාලයට කැඳවා මේ සම්බන්ධව ප්‍රශ්ණ කර ඇති අතර ඔහු විසින් මෙම සම්බන්ධතාවය පිළිගෙන ඇත.

ඇමතිවරයාගේ මෙම නොමනා සම්බන්ධය තහවුරු කර ගැනීමෙන් පසු අගමැතිණිය විසින් හදිසි මාධ්‍ය හමුවක් කැඳවා ඉයන් අමාත්‍යධූරයෙන් පහ කල බව නිවේදනය කලාය.

මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාව පිළිබඳ තොරතුරු මාධ්‍යට වාර්ථා වී නොමැති අතර, සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයටද ඉයන් ඉදිරිපත් නොවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති.

Related posts

ස්පාඤ්ඤයේ 70% සුවය ලබයි..

Helarata

අසත්‍ය ප්‍රචාර වලට ෆේස්බුක් හා වට්ස්ඇප් තිත.

Helarata

චීනය ඇමෙරිකාවට ඇණයක් වෙලාලු…

Helarata

1 comment

Upali July 24, 2020 at 4:45 am

මෙන්න සැබෑවටම “ඉන්න හිතෙන රටක්”. ලංකාවේ අගමැතිලා නම් තවත් ගෑනියක් ගෙනත් දෙයි.

Reply

Leave a Comment

Translate »