හෙළරට - දේශිය පුවත්

දූෂිතයෝ හළන්න…

ඉදිරි මහ මැතිවරණයේදී
පාර්ලිමේන්තුවට තෝරා
පත්කර යැවිය යුත්තේ වංචා
දූෂණවලින් තොර සභ්‍යත්වයට
ගරු කරන ආදර්ශවත් පුද්ගලයන්
බව බුද්ධශාසන කාර්ය සාධක
මණ්ඩලයේ සභාපති දිවියාගහ
යසස්සි නාහිමියෝ පවසති.


උන්වහන්සේ මේ බව සඳහන්
කළේ කොළඹ සමස්ත ලංකා
බෞද්ධ මහා සම්මේලන
ගොඩනැගිල්ලේ (21
වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.
උන්වහන්සේ පෙන්වා
දෙන්නේ ආදර්ශවත් පුද්ගලයන්
මැතිසභයට යැවීමේ මූලික
වගකීම මහජනතාව සතු බැවින්
තමන් තෝරා පත්කර ගන්නා
නිය ෝජිතයන්ට අදාළ සුදුසුකම්
ති​බේ දැයි නුවණින් විමසා බලා
පස් වසරකට වරක් ලැබෙන
වටිනා ඡන්දය භාවිත කළ යුතු
බවයි.


එමෙන්ම පක්ෂග්‍රාහී ලෙස
දේශපාලනය කිරීම ස්වාමීන්
වහන්සේලාට ​​නොගැළපෙන බවද
දිවියාගහ යසස්සී නායක හිමිය ෝ
පැවැසූහ.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ
උන්වහන්සේ මෙසේද කීය.
‘ඉතිහාසයේ ඈත කාලයේ
ඉඳලා පාර්ලිමේන්තු මැතිවරණ
ගත්තහම එදයි අදයි පුදුම
වෙනසක් ඇති වෙලා තියෙනවා.
මුල් කාලයේ පාර්ලිමේන්තු
මැතිවරණ පවත්වලා කොට්ඨාස
ක්‍රමයට නිය ෝජිතයන්
පත්කරගත් විට ඔවුන් තමන්ගේ
කොට්ඨාසයේ විශාල සේවාවක්
සිද්ධ කරමින් ජනතාවට
සේවයක් කරා. ඒ ක්‍රමය නැති
වෙලා අලුත් මැතිවරණ ක්‍රමය
ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන්න
පටන් ගත් වකවානුවේ සිට
ජනතාවට විශාල පීඩනයක් එල්ල
වෙලා තියෙනවා. වර්තමානයේ
පාර්ලිමේන්තුවට පැමිණීමේ
එකම බලාපොරොත්තුව
වෙලා තියෙන්නේ මුදල් හම්බ
කිරීමයි. මේ තත්ත්වය දීර්ඝ
කාලීනව තිබුණොත් ලංකාව
ගොඩනගන්න බැහැ. ඒ නිසා
ඉදිරි මහ මැතිවරණයේදී තෝරා
පත් කර ගන්නා නිය ෝජිතයන්
සතුව සුපිළිපන් බව, මහජන
සේවය සඳහා කැප වීම, අගති
විරහිතභාවය වගකීම හා වගවීම,
අවංකභාවය, ජනතා නායකත්වය,
විනිවිදභාවය, ජනතාව වෙනුවෙන්
ප්‍රාය ෝගික ලෙස සාධාරණ
තීන්දු ගැනීම යන ලක්ෂණ තිබේ
දැයි හොඳින් සොයා බැලීමට
මහජනතාව කටයුතු කළ යුතුයි

Related posts

මෙවර කළා විෂය තෝරා ගන්නා දරුවන් සිංහල භාෂාව අනිවාර්ය කර ගන්න …

Helarata

Malaika Arora: I Have Evolved A Lot In Terms of Fashion

Helarata

උඩරට යනවිට වටපිට බලන්න…

Helarata

Leave a Comment

Translate »