හෙළරට - ප්‍රාදේශීය පුවත්

කෑගල්ලේ ග්‍රාමීය තරුණ ප්‍රජාවට කලා කව -දිසාපති මහින්ද එස් වීරසූරිය

ග්‍රාමීය තරුණ ප්‍රජාව කලාවට යොමුකර ගැනීම සඳහා ග්‍රාමීය කලා කව ආරම්භ කළ යුතුයි – දිසාපති මහින්ද එස් වීරසූරිය

කෑගල්ල දිස්ත්‍රික්කයේ කලාකරුවන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.

කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙසේ සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.

දිසාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ‘‘ දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලය මඟින් සිදුකරනු ලබන සේවය අගය කරනවා. කලාවට ලබාදිය යුතු නිසි තැන ලබා දිය යුතුයි. කලාව ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය ඉහළ නැංවීමට හේතුවනවා දක්ෂතා සහිත මානව සම්පත ඉදිරියට ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. ග්‍රාමීය තරුණ ප්‍රජාව කලාවට යොමුකර ගැනීම සඳහා ග්‍රාමීය කලා කව ආරම්භ කළ යුතුයි. කලාකරුවන්ගේ සුබ සාධනය හා ආර්ථික තත්ත්වය වර්ධනය කිරීමට කටයුතු කරන බවද මෙම කාර්යන් සාර්ථක කර ගැනීම සඳහා සංස්කෘතික අනු කමිටු හරහා වැඩසටහන් රැසක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලයේ ඉදිරි කටයුතු විධිමත් කිරීම සඳහා කලාකරුවන් කිහිප දෙනෙකු විසින් යෝජනා ඉදිරිපත් කිරීම ද මෙහි දී සිදුකෙරුණ අතර දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නාලිකා පියසේන, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් නර්මදා එගොඩගෙදර , දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ නිලධාරීන්, දිස්ත්‍රික් සංස්කෘතික මධ්‍යස්ථාන නිලධාරීන් හා දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Related posts

පහමුණේ අනුනාහිමි සමරා දුෂ්කර ගම්වලට ආධාර

Helarata

කෑගල්ලෙන් 1939 ක් බහුකාර්ය සංවර්ධන බලකායට….

Helarata

කෑගල්ලෙන් වගා සංග්‍රාමයට අත්වැලක්

Helarata

Leave a Comment

Translate »