හෙළරට - දේශිය පුවත්

ලෙඩට සංගීතය..

දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් රෝග ප්‍රතිකාර හා රෝග නිවාරණ කටයුතු සඳහා සංගීත චිකිත්සාව නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කොට ඇති බැව් දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය සී. එල්. ගුරුගේ පවසයි.

සංගීතයේ තිබෙන ඇතැම් ගුණාංග රෝග ප්‍රතිකාර හා රෝග නිවාරණ කටයුතු සඳහා යොදාගත හැකි බවද කොමසාරිස්වරයා සඳහන් කරයි. වේදනාව සමනය කිරීමට හා මානසික ආතතිය කළමනාකරණයට සංගීත චිකිත්සාව යොදා ගත හැකි බවද හෙතෙම පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා මෙසේද කීවේය

.‘‘ලෝකයේ දියුණු රටවල් පර්‌යේෂණ කර පෙන්වා දීලා තිබෙනවා ප්‍රතිකාර පද්ධතියට සංගීත චිකිත්සාව යොදාගන්න පුළුවන් කියලා. විශේෂයෙන් මානසික ආතතිය තියෙන අය සංගීත චිකිත්සාව තුළින් කළමනාකරණය කරන්න පුළුවන්. ඒ විතරක් නොව හෘද රෝග, හිසරදය, කායික රෝග සඳහා සංගීත චිකිත්සා ප්‍රතිකාර ක්‍රමය යොදාගන්න පුළුවන්. දැනට දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ප්‍රජාව දැනුවත් කරමින් සංගීතමය චිකිත්සා ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කොට ඇත.

Related posts

මත්කුඩු සොයා කොළඹ වැටලීම් …

Helarata

අලියා තරුණ වෙයි ?

Helarata

හමුදා නිවාඩු අවලංගුයි ….

Helarata

Leave a Comment

Translate »