හෙළරට - දේශිය පුවත්

මීඩියා බෝඩ් එක ගහගෙන ජන්ද වැඩකරලා…

මාධ්‍යට සම්බන්ධ පුවරුවක් ගසාගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ පුද්ගලයන් සිව් දෙනෙකු වනාතවිල්ලුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මීඩියා (MEDIA) යනුවෙන් සඳහන් පුවරු සැකකරුවන් ගමන් කරමින් සිටි වාහනයේ ප්‍රදර්ශනය කර තිබී ඇති අතර පසුගිය 24 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. “ එමෙන්ම ඔවුන් සතුව දේශපාලන පක්ෂයකින් නිකුත්කරන ලද මාධ්‍ය හැඳුනුම්පතක්ද තිබී ඇත. සැකකරුවන් ගමන් කර ඇති වාහනයේ තිබී මැතිවරණ අත් පත්‍රිකා100 ක්, පෝස්ටර් 298 ක්,අත් පත්‍රිකා 430 ක්, ස්ටිකර් 04 ක්, දේශපාලකයෙකුගේ නම සඳහන් ටී ෂර්ට් 03 ක් සහ අත් පන්දු දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

තරාදිය ලකුණ යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුට සහාය පළ කිරීම සඳහා මෛ සැකකරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිට ඇත. මාර්ග බාධකවලින් සහ පොලිස් නිලධාරීන්ගෙන් ගැලවී මැතිවරණ ප්‍රචාරක කටයුතු කර ගැනීම සඳහා සැකකරුවන් මීඩියා පුවරුව භාවිත කර ඇති බව පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

Related posts

නුවරඑළියට ඇදිරි නිතීය..

Helarata

කහ රත්තරන් වෙලා…

Helarata

නවසීලන්ත අගමැතිනියට හා සහකරුට අවන්හලේ දොර වැසේ…

Helarata

Leave a Comment

Translate »