හෙළරට - දේශිය පුවත්

රට කහ තහනම්…

මිය­න්මා­ර­යෙන් සහ ඉන්දි­යා­වෙන් ගුණා­ත්ම­ක­භා­ව­යෙන් තොර කහ මෙර­ටට ගෙන්වීම වහාම නතර කිරී­මට කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය පිය­වර ගෙන තිබේ.

රටේ කහ හිඟ­යක් පව­තින කිසිදු අව­ස්ථා­වක කහ ආන­ය­න­යට අව­ස්ථාව ලබා නොදී­මට ද කෘෂි­කර්ම අමා­ත්‍යං­ශය තීර­ණය කර ඇත.

වෙළෙ­ඳ­පොළේ කහ හිඟ­යක් පැවැ­තිය ද ගුණා­ත්ම­ක­භා­ව­යෙන් තොර කහ වෙළෙ­ඳ­පො­ළට පැමි­ණීම වැළැ­ක්වී­ම­ටත් දේශීය කහ වගා­ක­රු­වන්ට අව­ස්ථාව උදා කර දීමත් වෙනු­වෙන් මෙම පිය­වර ගෙන තිබේ.

අව­ස­ර­ය­කින් තොරව මෙර­ටට ආන­ය­නය කර දැනට රේගුව භාරයේ කහ අඩංගු කන්ටේ­න­ර­යක් පව­තින අතර එය නිද­හස් නොකි­රී­මට ද වැවිලි කර්මාන්ත සහ අප­න­යන කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය තීර­ණය කර ඇත.

රටේ කහ හිඟ­යක් ඇතැයි පව­ස­මින් මෙරට වෙළෙ­ඳ­පො­ළට ඒවා මුදා හැරී­මෙන් යළිත් ගුණා­ත්මක බවින් තොර කහ ආන­ය­න­යට වෙළෙ­ඳුන් යොමු­වන බැවින් මෙම තීර­ණය ගනු ලැබූ බව කෘෂි­කර්ම අමා­ත්‍යං­ශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකා­ශ­ක­යෙක් කීවේය.

Related posts

පොසොන් පෝදා ලේ බිදක්….

Helarata

ග්‍රාම නිලධාරින්ගේ ගැටලු විසඳන්න වෙනම පොලිස් නිලධාරියෙක්…

Helarata

ට්‍රම්ප්ගෙන් චීනයට රතු එළියක්…

Helarata

Leave a Comment

Translate »