හෙළරට - ප්‍රාදේශීය පුවත්

කෑගල්ල නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීමට පියවර …

කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ සෘජු මැදිහත් වීමේ ප්‍රතිඵලයක් ලෙස දැනට වසර කිහිපයකට පෙර ඉදි කිරිම් කටයුතු අතරමඟ නවතා දමා තිබු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලේ වැඩ කටයුතු නැවත ආරම්භ කිරිමට හැකිවී ඇත.

මේවන විට ඒ සදහා රුපියල් මිලියන 70 ක් වැය කර තිබුණු අතර ගොඩනැගිල්ලේ ඉදිරි ඉදි කිරිම් කටයුතු සදහා රුපියල් මිලියන 200 ක් වැය කෙරේ.

නව ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබදව සාකච්ජාවක් හා ව්‍යාපෘතිය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත භාරදිම දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදී සිදුකෙරුණි. මෙහි ඉදි කිරිම කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් සිදු කෙරේ.

මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක , කෑගල්ල දිස්ත්‍රික් ඉංජිනේරු සාරානත් විමලචන්ද්‍ර , මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මනවඩු යන මහත්වරුන් සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ

Related posts

පූජාපිටියේ අලි පිරිසක් පොහොට්ටුවට අතගසයි…

Helarata

සමනළයන් ගැන වැඩි බියක් එපා…

Helarata

අංගම්පොර සබරගමුව පළාත තුළ ව්‍යාප්ත කරනවා – සබරගමු ආණ්ඩුකාර

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!