හෙළරට - ප්‍රාදේශීය පුවත්

ත්‍රිකුණාමලයේ තැපැල් ඡන්ද භාවිතා කිරීම 98% යි..

එලඹෙන මහ මැතිවරණයට අදාලව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් 15200 දෙනෙකු සුදුසුකම් ලැබූ අතර එයින් 14907 දෙනෙකු තම ඡන්දය ප්‍රකාශ කර ඇති බවත් එය දළ වශයෙන් 98% ක ප්‍රතිශතයක් වන බවත් තේරීම්භාර නිලධාරී හා දිස්ත්‍රික් ලේකම් ජේ.එස්.ඩී.එම්. අසංක අබේවර්ධන මහතා පවසයි.

මෙතෙක් මැතිවරණයට අදාල පැමිණිලි 122ක් වාර්තා වී ඇති අතර එයින් බොහෝ පැමිණිලි පොලිස් ස්ථානය වෙත යොමු කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්තුමා වැඩිදුරටත් කියා සිටියේය. මෙම පැමිණිලි වලින් බොහෝමයක් සුළු හා සාමාන්‍ය මට්ටමේ ඒවා වන අතර වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ කන්තලේ ප්‍රාදේශීය ලේකම් වසමෙනි.

Related posts

රඹුක්කනට ආ ජනපති වෙත ‘කෑගල්ලත් හදමු’ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වේ…

Helarata

ඉන්දියාව කාපු පළගැටියා ලංකාවත් කන්න ඇවිත්…

Helarata

සැමන් ගෙ⁣ට වෙයි – රු. 220 – 280

Helarata

Leave a Comment

කොරෝනා වෛරසය

කොරෝනා

Translate »
error: Content is protected !!