හෙළරට විශේෂාංග

දළදා වහන්සේ රැකගත් මහනුවර රාජ පරපුර ….

🖋️ධර්ම ශ්‍රී තිලකවර්ධන

දළදා වහන්සේ අපේ මුදුන්මල්කඩනේ.ඉතින් මේ දළදා වහන්සේ ගැන කතාකරන⁣කොට දළදා වහන්සේ මහනුවරට වැඩමවුදා සිට රැකබලාගත් රජවරුන් ගැන කතා නොකරම බැහැ.හැබැයි ගොඩක් අය ඒ රජවරු දෙතුන් දෙනෙක් ගැන විතරයි දන්නේ කතාකරන්නේ.

මහනුවර දළදා මාළිගාව හැදුවේ පළමුවන විමලධර්මසූරිය රජතුමානේ.ඒතුමා රජකමේ හිටියේ 1591- 1604 කාලයේදි.ඉතින් කෝට්ටෙන් කුරුවිට දෙල්ගමුවේ රජමහා විහාරය වැඩමවා සඟවා තිබු දළදාවහන්සේ මහනුවර දළදාමාලිගාවට වැඩමවා තැන්පත් කිරිමේ ගෞරවය හිමිවන්නේ මේ විමලධර්මසූරිය රජතුමාට.

එතුමාගෙන් පස්සේ රජවුණේ එතුමාගේ සහෝදරයා වු සෙනරත් රජතුමායි.එතුමා රජකම් කළේ 1604- 1635 කාලයේදි .සෙනතරත් රජතුමාගේ කාලයේදි පරංගින්ගෙන් නොයෙක් සතුරු කරදර ආවා. මේ නිසා දළදා වහන්සේ රැකගැනිමේ වගකිම වටහාගත් සෙනරත් රජතුමා දළදා වහන්සේ මහනුවරින් ඉවත්කර ගෙන මැද මහනුවර සඟවා තැබු බව සදහන් වෙනවා.

1635 සිට 1687 දක්වා රජකම් කළේ දෙවැනි රාජසිංහ රජතුමායි.මෙතුමා රජවනවිට මහනුවර දළදා මාලිගාව ජරාවාස වෙලා තිබුණේ.මොකද ඒ වනව්ට දළදා වහන්සේ මැදමහනුවරට වැඩමකරවා තිබු නිසා.ඒ නිසා මෙතුමා දළදා මාලිගාව දෙමහල් මන්දිරයක් ලෙස ඉදිකළා.

දෙවන විමලධර්මසූරිය රජතුමා රජකම් කළේ 1687 සිට 1707 දක්වා කාලයේදි.මෙතුමා දළදා වහන්සේ වෙනුවෙන් රන් ආලේපිත කරඬුවක් කරවාලු බව සදහන් වෙනවා.එසේම මහවංශයේ ” …මනාව බබළන්නාවු ත්‍රෛභූමක ප්‍රාසාදයක් කරවා….” යනුවෙනුත් සදහන් වෙනවා.

ශ්‍රි වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා සිංහල රජ පරම්පරාවේ අවසාන රජතුමා හැටියට සැලකෙනවා.මෙතුමා 1707සිට 1739 කාලයේදි රජකම් කළා.දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය කරවා එය දෙමහල් මන්දිරයක් බවට මෙතුමා පත්කර තිබෙනවා.මෙම නව මන්දිරයේ ජාතක කතා ⁣තිස් දෙකක් ඇන්දවු බව සදහන් වෙනවා.දැනට පවතින මාලිගාව මෙතුමා විසින් කරවුවක් බවයි සදහන්වන්නේ.

1739 සිට 1747 දක්වා රජකම් කළේ ශ්‍රි විජයරාජසිංහ රජතුමායි.මහනුවර නායක්කාර් වංශික රාජ පරපුරේ ආරම්භයා මෙතුමායි.දළදා වහන්සේ පිටතට වැඩමවා මහජනයාට වන්දනා කිරිමට මෙතුමා ඉඩ ලබාදුන් බවත් දළදා වහන්සේ උදෙසා නොයෙක් පින්කම් කළ බවත් මහවංශයේ සදහන්වෙනවා.

කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා 1747 සිට 1782 දක්වා රජකම් කළා .මේ රජතුමා තමයි එතෙක් පැවති ඇසළ පෙරහරට දළදා පෙරහර එක්කළේ.මෙතුමාත් දළදා වහන්සේ වෙනුවෙන් විවිධපුදපුජා කර තිබෙනවා.

ඉන්පසුව රජවුණේ රාජාධිරාජසිංහ රජතුමායි.එතුමා 1782 සිට 1798 දක්වා රජකම් කළා.දළදා වහන්සෙ උදෙසා ආහාර පාන පූජා කිරිම මෙතුමාගේ සමයේ ආරම්භවු බවයි මහාවංශයේ සදහන් වෙන්නේ.

උඩරට රාජධානියේ අවසාන රජතුමා වන්නේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමායි.1798 සිට 1815 දක්වා මෙතුමා රජකළා.දළදා වහන්සේ උදෙසා ගම්වර පුජාකිරිම් මෙතුමා සිදුකර තිබෙනවා.මාලිගාවට නව අංග මෙතුමා එක්කළ බවත් සදහන් වෙනවා.

ඉතින් මම ඔය කිව්වෙ දළදා වහන්සේ රැකබලගත් මහනුවර රාජ පරම්පරාවයි.ඊට පෙර විවිධ රජවරු දළදා වහන්සේ රැකගෙන තිබෙනවා.
ඉතින් දළදා වහන්සේ රැකගත් මේ සියළු රජවරුද සිහිපත් කරමින් චමින්ද දමිත් ගයන,ලාල් අමරනාත් වර්ණකුල සංගීතවත් කළ මා ලියු ගීයේ පදවැල පහත සටහන් කරනවා.

තේවාමුරයේ හේවිසි නාදේ
දළදා මැදුරේ රැව්දෙන්නා
උඩුමාලේ ගඳකිළියේ
පරසතු සුවඳක් පැතිරෙන්නා….

දළදා සමිදුන් රැකගත් රජවරු
සුරලොව සිට වඩිමින්නා..
සත්කරඬුව මැද වැඩසිටිනා හිමි
සුරකැන් වටවි පුදමින්නා…

උඩුමාලේ ගණ්ඨානාදේ
සාදුනදට මුසුවන්නා..
බුදුගුණ ගයනා කවියන් එක්වි
උඩැක්කි තාලෙට වයමින්නා…

සුරගජ විලසින් වඩිනා ඇත්රජු
රන්කරඬුව ගෙන පාද තබන්නා
නුවර අහස යට සුරනා සමඟින්
සුරකැන් රැස්වි පරසතු ඉසිනා….

පෙර රජදරුවන් පිදුව මගේ රට
දළදා හිමිටම බාරකරන්නා
ඉරහඳ ඇතිතුරු බාරයි මගෙ රට
සමිදුනි සිරි දළදා….

ධර්ම ශ්‍රි තිලකවර්ධන

Related posts

බෞද්ධයන් රවටන ජාවාරම්කාර පූජා…

Helarata

කුවේටයේ සිටින අම්මාට ⁣රෝහලේ ඇඳක් මත හිඳ ගී ගයන සජන්..

Helarata

යෝජිත 20 ව්‍යවස්ථා සංශොධනය හා බුදුදහම..

Helarata

Leave a Comment

Translate »