හෙළරට - දේශිය පුවත්

පුරාවිද්‍යා උපදේශක සභාව පත්කරයි…

පුරා­විද්‍යා උරු­ම­යන් ආරක්ෂා කිරී­මට සහාය ලබා ගැනීමේ අර­මු­ණෙන් පුරා­විද්‍යා උප­දේ­ශන කමි­ටු­වක් පත් කිරී­මට අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා පිය­වර ගෙන තිබේ. පුරා­විද්‍යා කට­යුතු සම්බ­න්ධ­යෙන් උප­දෙස් ලබා ගැනීම, විශේෂ ව්‍යාපෘති සඳහා උප­දෙස් ලබා ගැනීම, ප්‍රති­පත්ති සම්පා­ද­නය, පුරා­විද්‍යා ස්ථානීය නිරී­ක්ෂ­ණය සහ සංව­ර්ධන කට­යුතු ප්‍රව­ර්ධ­නය කිරී­මට අවශ්‍ය සහාය ගැනීම මෙම කමි­ටු­වෙන් අපේක්ෂා කෙරේ.


බුද්ධ ශාසන සහ ආග­මික කට­යුතු ඇමැ­ති­ව­රයා වශ­යෙන් අග­මැ­ති­ව­රයා පත් කළ මෙම කමි­ටු­වට පත්වීම් ලිපි අග­මැති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ අතින් (29දා) ප්‍රදා­නය කෙරිණි.

පොලො­න්න­රුව සොළො­ස්ම­ස්ථාන රජ­මහා විහා­රා­ධි­පති මහා විහාර වංශික ශ්‍යාමෝ­පාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු­නා­යක වෙඬ­රුවේ උපාලි නා හිමි, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ­නා­යක මැට­රඹ හේම­ර­තන නා හිමි, අනු­රා­ධ­පු­රය රුව­න්වැලි සෑ විහා­රා­ධි­කාරී ආචාර්ය පල්ලේ­ගම හේම­ර­තන නා හිමි, පුරා­විද්‍යා චක්‍ර­වර්තී එල්ලා­වල මේධා­නන්ද හිමි, ඇලි­කේ­වෙල සීලා­නන්ද නා හිමි, අස්ගිරි පාර්ශ්වයේ බෙලි­ගල් කෝර­ළයේ ප්‍රධාන සංඝ­නා­යක යටි­ග­ල්ඔ­ළුවේ විම­ල­ර­තන නා හිමි, සෝමා­වතී රජ­මහා විහා­රා­ධි­පති ආචාර්ය පහ­මුණේ ශ්‍රී සුමං­ගල නා හිමි, මහා­චාර්ය ඉඳු­රා­ගාරේ ධම්ම­ර­තන හිමි, ආචාර්ය මාදු­රු­ඔයේ ධම්මි­ස්සර හිමි, හිටපු පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය ශිරාන් දැර­ණි­ය­ගල, පුරා­විද්‍යා මහා­චාර්ය ටී.ජී. කුල­තුංග, ආචාර්ය ගාමිණී විජේ­සූ­රිය, ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය නිමල් ද සිල්වා, විද්‍යා­ජෝති ඉංජි­නේරු ගැමුණු සිල්වා, ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය අනුර මන­තුංග, වාස්තු විද්‍යාඥ ඈෂ්ලි ද වෝෂ්, ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය රාජ් සෝම­දේව, ඩබ්.එම්.එස්. වීර­සේ­කර‍්, සිරි­නි­මල් ලද්දු­සිංහ, මහා­චාර්ය මුනි­දාස පත්ම­සිරි රණ­වීර මෙහි සාමා­ජි­කයෝ වෙති.

Related posts

කොළඹට අද ජලය කැපේ….

Helarata

පිටරට සිටින 38,983 ක් එන්න ලියාපදිංචි වෙයි …

Helarata

වෙළෙද කලාපයේ සේවකයන් 30,269 ක් වැඩ.

Helarata

Leave a Comment

Translate »