හෙළරට - විදෙස් පුවත්

ලෙබනන් යනවානම් PCR අනිවාර්යයි …

ඕනෑම රටක සිට ලෙබනන් රාජ්‍යයට පැමිණෙන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් එරට ආරක්ෂක ක්ෂේත්‍රාධිකරණ මහ ලේකම් කාර්යාලය විසින් නව රෙගුලාසි පනවා ඇත.


ඒ අනුව පසුගිය 13 වැනිදාට පසුව ලෙබනනයට පැමිණෙන මගීන්ට පීසීආර් පරීක්ෂණ වාර්තාවක් තිබිය යුතු අතර ඔවුන් ලෙබනන් බලධාරීන් විසින් නම්කරන ලද හෝටලයක නැවතී සිටිය යුතු වේ. ඒ සඳහා හෝටල් ගාස්තු ශ්‍රමිකයා විසින් ගෙවිය යුතුය. එබැවින් පීසීආර් පරීක්ෂණය සඳහා ගෙවීමට හා පැය විසි හතරක් හෝටලයක රැඳී සිටීමට ප්‍රමාණවත් මුදලක් ශ්‍රමිකයා සතුව තිබිය යුතු බවද දන්වා සිටියි.


පීසීආර් පරීක්ෂණය ධනාත්මක නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන අතර, ඒ සඳහාද ශ්‍රමිකයා විසින් ගෙවීම් සිදුකළ යුතු බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

Related posts

ප්‍රංශයත් ආසාදිතයින් 100,000 ඉක්මවමින් රටවල් 5 අතරට

Helarata

වසර 200කට පසු මැනුවෙල් මුහුදෙන් මතුවේ

Helarata

ඩෙන්මාර්කයේ ප්‍රාථමික පාසල් ඇරේ..

Helarata

Leave a Comment

Translate »